කෝරළගේ සමන් යනු මේ දිනවල සාර්ථක ලෙස විකාශය කෙරෙන 'අමුතු දොස්තර' ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයාය. පසුගිය 'මතක පද' යූටියුබ් සංවාදය සමග එක් වූයේ කෝරළගේ සමන්ය.
"ඇත්තටම එම ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධයෙන් රිස්ක් එකක් ගන්න වෙලා තියෙනවා. ඒක වෙනුවෙන් අපි වැඩ කරනවා. මේක හැන්ඩ්ල් කරන යම් පිරිසක් ඉන්නවානේ. ඒ පිරිසට වගකීමක් තියෙනවා, ඇවිල්ලා වාඩි වෙලා ඉන්න එක නෙමෙයි කළ යුත්තේ. මේ මිනිසුන්ගේ ශක්තියට වටිනාකමක් දෙන්නේ කොහොමද අලෙවියක් බවට පත් කරන එකයි සිතිය යුත්තේ. ආට් කියන්නේ බිස්නස් එකක්. ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියන එක සම්බන්ධයෙන් ඒ මිනිසුන්ට වගකීමක් තියෙනවා. එතකොට මේකට 'බිස්නස්මන්ලා' එයි. බිස්නස් කරයි."
යනුවෙන් ඔහු කලා ක්ෂේත්රය ගැන පවසයි.