lan englan tam

පුවත්

තිසර ඉඹුලානගේ නොපෙනෙන පෝස්ටරේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රූප වලට, චිත්ර වලට එක එක තේරුම් තියෙනව කිය

ල අපි දන්නවනෙ. සමහර ඒ්වට සමහර අය දෙන තේරුම් මට නම් තේරෙන්නෙත් නැති තරම්.

ඔය සීගිරි චිත්ර වලට දීපු තේරුම් එහෙම ඉස්සර උගන්නද්දි ඒ් මිනිස්සු මොකෙන් බලලද එහෙම දේවල් ඒ් ගෑණු රූප වලට දෙන්නෙ කියලත් හිතුණා. ඒ්ව ඉතිං එක එක විද්වතුන් කියපුවා. එයාලට එක එක හේතු තියෙන්න ඇති ඉතිං ඒ්ව කියන්න. ඒ්ව ඉතිං පිළිගන්නවනම් පිළිගන්න පුළුවන්. නැත්නම් නිකං ඉන්නත් පුළුවන්. නියම නෙවෙයි නේ.
 
ඇයි තව ඉස්සර පොඩි කාලෙදි, ජාතික කොඩිය පෙන්නල ඒ්වායෙ තියෙන එක එක රූප වලින්, පාටවල් වලින් එක එක දේවල් සංකේතවත් වෙනව කියල අපිට උගන්නනවා. හැබැයි මේව නම් නියමයන්. ඒ් කියන්නෙ එක එක්කෙනාට හිතූ හිතූ තේරුම් දෙන්න බෑ.
 
කකුල් තුනෙන් ඉන්න සිංහයා කඩුවක් උස්සන් ඉන්න එකට එක තේරුමක්. බෝ කොළ වලට තව තේරුමක්. රතු, කොළ, කහ පාටවල් වලට තව තේරුමක්. ඔය විදිහට ඒ් කොඩියෙ තියෙන හැම සංකේතයකටම, පාටකටම, රූපෙකටම තේරුමක් තියෙනව කියල ඉගැන්නුව. තේරුමක් ඉගැන්නුවෙ නැත්තෙ සිංහය නැට්ට උස්සගෙන පු# එළියෙ දාගෙන ඉන්නෙ ඇයි කියන එකට විතරයි. ඒ්කට තේරුමක් මං හදාගත්ත.
 
2023 ජූලි 27 තිරරචනය ලියල ඉවරකරපු,
2023 අගෝස්තු 23 මුහුරත් උත්සවය තියපු,
2023 සැප්තැම්බර් 23 රූපගත කිරීම් පටන් ගත්තු,
2024 ජනාවාරි 30 දෙබස් කැවීම් පටන් ගත්තු,
සියළු වැඩ අවසන් වෙලා මේ වෙද්දි ප්රදර්ශනයට සූදානම් කරල තියෙන “මෝඩ තරිඳු” චිත්රපටයෙ පෝස්ටරයක් තමයි ඔය පල්ලෙහා තියෙන්නෙ. පාට පිංතූර ටිකක් තියෙනවා. නම් ටිකක් තියෙනවා. logo ටිකක් තියෙනවා.
 
පෝස්ටරයක් කියන්නෙ ප්රචාරණ මාධ්යයක්. ආ මෙන්න “මෝඩ තරිඳු” කියල චිත්රපටයක් එනව කියල තමයි දකින දකින අයට තේරෙන්නෙ.
හැබැයි “මෝඩ තරිඳු” මේ පෝස්ටරය දකිනකොට, චිත්රපටයට සම්බන්ධ කෙනෙක් විදිහට ඊට එහා ගොඩාක් දේවල් මට පේනවා. මට පේනවා අපි මේක ලියපු හැටි, ලියන්න හේතු වුණු කාරණාව, ප්රතික්ෂේප උනු හැටි, ආයෙත් සල්ලි වියදම් කරන්න නිෂ්පාදකවරයෙක් හොයපු හැටි, හරි මචං අපි කරමු කියල වියදම් කරන්න යාළුවො ටිකක් සෙට් උනු හැටි, ශිල්පීන්ට කතා කරපු හැටි, හැම එකාම බොක්කෙන්ම වැඩේට බැහැපු හැටි.
මේ පෝස්ටරේ අස්සෙ නිදිමරාගෙන, අව්වට කරවෙවී, වැස්සෙ තෙමි තෙමී හිටපු රංගන ශිල්පීන් සහ අනෙක් ශිල්පීන් ඇතුළු රූපගත කිරීමේ කණ්ඩායම මට පේනවා, ඒ් කණ්ඩායමට සීයට දෙසීයක සහයෝගයක් දුන්නු නිෂ්පාදන කණ්ඩායම මට පේනවා, ඇස් එළියට පනිනකං කම්පියුටර් තිර ඉස්සරහ ඉඳගෙන, කන් ඇරගෙන , මේක පවුලෙ වැඩක් ගානට අරගෙන වැඩ කරපු පසු නිෂ්පාදන කණ්ඩායම මට පේනවා.
 
අන්තිමේදි, මිලක් නියම කරන්න බැරි වැඩක් නිර්මාණය වෙලා ඇස්පනාපිට පුළුල් තිරයක දැකපු හැටි මට පේනවා. ඒ් ඔක්කොම මේ පෝස්ටරේ අස්සෙ මට පේනවා. මිලක් නියම කරන්න බැරි වැඩක් කියල මං කිව්වෙ, මේක හැදුවෙ මිලක් නියම නොකරපු මිනිස්සු ටිකක් හිංදා. හිතේ සතුටින් , මහා ආදරේකින් තමයි හැම කෙනෙක්ම මේ චිත්රපටයෙ වැඩ කරේ. ඒ්ක හිංද මිල මුදලට එහා ගියපු දේවල් හැම කෙනෙක්ම “මෝඩ තරිඳු” ට දුන්නා.
 
හරියට කිව්වොත් “මෝඩ තරිඳු” ත් නත්තල් ගහක් වගේ. තමන් ලඟ තියෙන, තමන්ට දෙන්න පුළුවන් ලස්සනම දේවල් නත්තල් ගහක එල්ලනවා වගේ, උදව් උනු හැමෝම “මෝඩ තරිඳු” ට තමන් ලඟ තියෙන ආදරණීයම දේවල් දුන්නා. අන්තිමේ දි ඒ් හැමදේකින්ම “මෝඩ තරිඳු” ලස්සන උනා.
ඒ් ලස්සන බලන්න ලැහැස්ති වෙන්න කියල දාපු පෝස්ටරේ මට පෙනුනු දේවල් තමයි ඔය.
 
2025 FUN එක උපරිමයෙන් ම දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. සිංහල චිත්රපට නම් බලන්නෙ නෑ කියල හිතං ඉන්න මෝඩකම පැත්තකට දාල, “මෝඩ තරිඳු” බලන්න ලැහැස්ති වෙන්න.
 
-පොඩී -
 
(තිසර මංගල බණ්ඩාර Facebook පිටුවෙන්)
Back to top
Go to bottom

Popular News