සිය 65 වැනි උපන්දිනයට සමගාමීව පසුගියදා ප්‍රවීණ නර්තන ආචාර්ය රවිබන්ධු විද්‍යාපතිගේ නිර්මාණ ඇගයීමේ අවස්ථාවක් පසුගියදා (දෙසැම්බර් 30) සවස 6.30 සිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
දෙසැම්බර් 25 වැනි දිනට යෙදී තිබූ උපන්දිනය නිමිත්තෙන් ඔහුගේ 'ඔතෙලෝ' සහ තවත් නිර්මාණයක වීඩියෝ අනුවාදනයක් ප්‍රදර්ශනය කර තිබිණි.
නල දමයන්ති, ශිරාරංග, කිංකිණි කෝලම සහ රශෝමන් වැනි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගත් මෙම ප්‍රවීණ නර්තන ආචාර්යවරයා සිය සිසුවකු වූ චන්දන වික්‍රමසිංහගේ 'කුවේණි' මුද්‍රා නාට්‍යයේද පණ්ඩුවස්දෙව් රජුගේ චරිතය නිරූපණයෙන් දායක වන්නේය.
රවිබන්ධු විද්‍යාපති ප්‍රවීණ ගුරුවරයාට චිර ජීවනය හිමි වේවා!
Pic : Lankan Heritage Youtube