lan englan tam

පුවත්

'බැක්සයිඩ්' නමින් අදහස් කළේ ලංකාවේ හිතන දෙය නෙමෙයි; අධ්‍යක්ෂ ජෝ දිසානායක

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ඔහු වෙබ් සීරීස් සහ යූටියුබ් ඔස්සේ වෙනත් තලයක ප්‍රේක්ෂකයන් පිරිසකට ආමන්ත්‍රණය කළ විසල් ප්‍රතිභාවක් සහිත නිර්මාණකරුවෙක්. ‘බැක්සයිඩ්’ ටෙලිනාට්‍ය නිසා සමාජ මාධ්‍ය තුළ ඔහු පිළිබඳව විසල් කතාබහක් ඇති වී තිබෙනවා. අද හදගැස්ම හා එක් වන්නේ අධ්‍යක්ෂ ජෝ දිසානායක.

මේ දවස් ගෙවී යන්නේ කොහොමද?

මම අධ්‍යක්ෂණය කළ ‘බැක්සයිඩ්’ කියන ටෙලිනාට්‍යය විකාශය වී අවසන් වුණා. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සහ ප්‍රේක්ෂකයා අතර විසල් කතාබහක් ඇති වුණා. ඉතින් ඒ වැඩකටයුතු අවසන් වුණු පසුව චිත්‍රපටයකට පොඩි කතාවක් හදාගෙන යනවා. ඉතින් එහි වැඩකටයුතු සමඟ කාලය ගෙවීගෙන යනවා.

‘බැක්සයිඩ්’ නිර්මාණය වුණු ආකාරය ගැන කියනවා නම්?

‘බැක්සයිඩ්’ නිර්මාණයේ හැමදේම වෙන්න දවස් දහයක් වගේ කාලයක් තමයි ගත වුණේ. එහි තිරපිටපත ලියවුණේ, නළු වරණය සිදු වුණේ, රූගත කිරීම් සහ අනෙක් සියලු කටයුතු ඒ කාලය තුළ සිදු වුණා. ශලනි තාරකා තමයි මෙහෙම නිර්මාණයක් කරමු කියන අදහස මට ගෙන ආවේ. ඉතින් ඒ කතාබහෙන් අනතුරුව අපි මේ නිර්මාණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ලක්ෂාන් වත්තුහේවාට මම මේ කතාවේ වස්තු බීජය ගැන කිව්වා. ඉන් පසුව ඔහු ඒ ඔස්සේ කතාව ගොඩනැඟීම සිදු කළා. ඔන්න ඔය ආකාරයට තමයි ‘බැක්සයිඩ්’ නිර්මාණය වුණේ.

‘බැක්සයිඩ්’ කියන නම නිසා අපිට විවිධ අරුත් ඇති වෙනවා මේ නම නිර්මාණය වුණේ කොහොමද?

බැක්සයිඩ් කිව්වම විවිධ අර්ථකථනයන් තිබෙනවා. නමුත් ලංකාව වගේ රටක බැක්සයිඩ් කියලා කියන්නේ වෙනම දෙයකට. නමුත් අපි බැක්සයිඩ් කියලා අදහස් කළේ ඒ දෙය නෙවෙයි. ඕනෑම මනුස්සයෙක් තුළ බැක්සයිඩ් එකක් තිබෙනවා. ඒ කියන්නේ නොපෙනෙන පැත්තක් තිබෙනවා. ඉතින් මනුස්සයෙක් සතුව තිබෙන අන්න ඒ නොපෙනෙන පැතිකඩ ගැන තමයි අපිට මේ නිර්මාණය හරහා කතා කරන්න වුවමනා වුණේ. ඉන් පසුව මේ නිර්මාණය සඳහා නම් කිහිපයක්ම යෝජනා වුණා. අපි මේ නිර්මාණය සමාජ මාධ්‍ය තුළ මාකට් කරන්න වගේම මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් නමක් ගැන සිතුවා. ඉතින් මිනිස්සු ඕන දෙයක් හිතා ගනියි කියලා අපි මේ නම දැම්මා. අපි ඇත්තටම මේ නම දැම්මේ වැරැදි වැටහීමක් ඇති කරන්න නෙවෙයි.

මේ නිර්මාණයෙහි එන කිසිදු වරදක් නොකළ රාජ්‍ය සේවකයාගේ චරිතය ගැන ඔබේ අදහස?

සාමාන්‍යයෙන් එවැනි දේවල් අද සමාජය තුළ සිදු වෙනවා. අපි බස් රථයක ගමන් කරන විටදී වුණත් කාන්තාවක් අසලින් ගිහින් සිටගත් විට අපි ගැන වුණත් බලන්නේ වෙන විධියකට. මිනිසෙක් ඇවිත් කාන්තාවක් ළඟ සිට ගන්නකොටම කාන්තාවකට ඇති වෙන්නේ වැරැදි ආකල්පයක්. එවැනි දෙයක් සමඟ තමයි ප්‍රියන්ත අයිය රංගනයෙන් දායක වෙන චරිතය නිර්මාණය වෙන්නේ.

විනාශකාරී මිනිසෙක්ගේ ස්වරූපයක් ඇතැම් විට මේ චරිතයෙන් පිළිබිඹු වෙනවා මේ ගැන කියනවා නම්?

අපි මේ වගේ විවිධ එලිමන්ට්ස් මේ නිර්මාණය තුළට ගෙන ආවේ මේ නිර්මාණයත් සමඟ ප්‍රේක්ෂකයාව රඳව ගන්න. ඉතින් කුතුහලය කියන කාරණාව ඉස්මතු කරන්න තමයි අපි මේ දේවල් නිර්මාණයට ගෙනාවේ. ඔහු රාජ්‍ය සේවකයෙක්. ඔහුට පවුලක් සිටිනවා. ඉතින් එවැනි පුද්ගලයෙක් කිසිම විටෙක එවැනි තැනකට පත් වෙන්නේ නැහැ. ඉතින් ඔහුට කරන්න පුළුවන් බටයක් කපනවා, ගෙදර ඉස්සරහා කෑ ගහනවා වගේ වැඩක් විතරයි.

ඔබ වෙබ් කතා මාලාවන් තුළ ඉතා ප්‍රචණ්ඩත්වයෙන් පිරි නිර්මාණ කිරීමට දැඩි ළැදිකමක් දක්වනවා ටෙලිවිෂනය තුළදී ඒ දේවල් මඟහැරුණාද?

ඇත්තටම ඒ වගේ දේවල් ටෙලිවිෂනය තුළ වාරණයට ලක් වෙනෙවා. ඇයි එහෙම වාරණය වෙන්නේ කියන එක මට සිතා ගන්න බැහැ. ඇත්ටටම යූටියුබ් එක්ක වැඩ කරන එක මට හරිම පහසුයි. මේ හැම දෙයක්ම තිබෙන්නේ මිනිස්සුන්ට නරඹන්න. යූටියුබ්වල කරන්න පුළුවන් දේවල් ටෙලිවිෂනයේ කරන්න අපහසුයි. අපි මේ කතාවට ප්‍රචණ්ඩකාරී දේවල් ගෙන ආවේ නැහැ. මම ගොඩක් වැඩ කරන්න කැමැති මිනි සීරිස් වගේ දේවල් එක්ක. එතැනින් එහා මම යන්න කැමැති නැහැ. නමුත් සමහර නාළිකාවල ඒ දේවල් සඳහා යම් අවස්ථාවක් ලබාදී තිබෙනවා. නමුත් ප්‍රචණ්ඩත්වය ගොඩක් පෙන්නන්න හැකියාවක් අපිට නැහැ.

වෙබ් සීරීස්, මිනි සීරිස් සහ කෙටි චිත්‍රපට කරමින් ඔබ ආ ගමන ගැන කියමු?

මම මුලින්ම ගීත සඳහා රූප රචනා නිර්මාණය කළා. එවැනි රූප රචනා 50කට ආසන්න ප්‍රමාණයක් මම නිර්මාණය කළා. ඒ සමඟ තමයි මට වෙබ් සීරීස් කරන්න අවස්ථාව උදා වුණේ. මම ඇප් එකකට වෙබ් සීරිස් හතරක් නිර්මාණය කළා. ඊට පස්සේ මම කෙටි චිත්‍රපට නිර්මාණය කළා. මෙහෙම නිර්මාණය කළාට පස්සේ මම ථෙරෙ ඓස් ඇ ඹොඩ්ය් නිර්මාණය කළා. ඊට පස්සේ තමයි මට ‘බැක්සයිඩ්’ කරන්න අවස්ථාව උදා වුණේ.

‘බැක්සයිඩ්’වලට පසුව තවත් වෘතාන්තමය ටෙලිනාට්‍යයක් කරන්න අදහසක් නැද්ද?

නිෂ්පාදකයෙක් ලැබුණොත් එහෙම නිර්මාණයක් කරන්න අදහසක් තිබෙනවා. නිෂ්පාදකයෙක් සොයා ගැනීමේ ගැටලුව වගේම නාලිකාවලින් ලැබෙන මුදල් ප්‍රමාණය අවම වීම වැනි නිර්මාණකරුවන් විවිධ ගැටලුවලට මුහුණ දෙනවා. ඉතා සුළු පිරිවැයක් යටතේ තමයි නිර්මාණකරුවන්ට අද නිර්මාණ කරන්න වෙලා තිබෙන්නේ. ඉතින් සීමා සහිත රාමුවක තමයි අපි වැඩ කරන්නේ. සමහර අධ්‍යක්ෂවරු නිෂ්පාදකයන්ට යන එන මං නැති කරලා වගේ තත්ත්වයනුත් මෙයට බලපා තිබෙනවා. ඒ නිසාම නිෂ්පාදනයට ඇතැම් ආයෝජකයන් බියක් දක්වනවා. නමුත් එහෙම නොවන පිරිසකුත් සිටිනවා.

ඔබ කැමැතිම නිර්මාණකරුවන් ගැන කියනවා නම්?

ලෝක සිනමාව දෙස බලන විට මම ක්වැන්ටින් ටොරන්ටිනෝට ගොඩක් කැමැතියි. ඒ වගේම තියගරාජන් කුමාරරාජා, වික්‍රමාදිත්‍ය මොට්වානේ, විපින් දාස්, ආන්ද්‍රේ තෝමස් ජෙන්සන් කියන නිර්මාණකරුවන්ට මම ඉතා කැමැතියි. තව මෙවැනි නිර්මාණකරුවන් බොහෝ පිරිසක් සිටිනවා.

ඔබ කැමැතිම සිනමා ශානරය කුමක්ද?

මම ඕනෑම ශානරයක සිනමාපට නරඹන්න කැමැතියි. සිනමාහලකට ගිහින් විනෝදාස්වාදය ලබන්න මම ඕනෑම සිනමාපටයක් නරඹනවා. මම එක් ශානරයකට කොටු වෙලා සිනමාපට නරඹන කෙනෙක් නෙවෙයි.

සිනමාපටයක් කරන්න අදහසක් නැද්ද?

මට සිදු වුණු සත්‍ය සිදු වීමක් පාදක කරගෙන සිනමාපටයක් නිර්මාණය කරන්න අදහසක් තිබෙනවා. ඉතින් අපි බලමු ඒ දේවල් කොහොම වෙයිද කියලා.

ඉදිරි වැඩකටයුතු ගැන කියමු?

ඉස්සරහට මම නිර්මාණය කරපු යූටියුබ් සීරිස් එකක් එන්න තිබෙනවා. මේ දවස්වල එහි වැඩකටයුතුවල නිරත වෙනවා. තව ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න ආරාධනාවක් ලැබිලා තිබෙනවා. ඉතින් මේ දේවල් කළමනාකාරණය කරගෙන ඉස්සරහට යන්න තමයි අදහස් කරන්නේ.

ගිහාන් සචින්ත - මව්බිම හදගැස්ම

Back to top
Go to bottom