lan englan tam

පුවත්

ඉන්දියාවෙ අවුරුද්ද මගෙ ජීවිතේටම වැඩිය පාඩම් ඉගැන්නුවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තමන් බොලිවුඩ් නිළියක් වීම වෙනුවෙන් ඉන්දියාවේ ගත කළ වසරක කාලය සිය ජීවිත කාලයට වැඩි පාඩමක් තමන්ට කියා දුන් බව ජනප්‍රිය රංගන ශිල්පිනී යුරේනි නොෂිකා පසුගිය Mirror Arts යූටියුබ් සංවාදය සමග එක් වෙමින් පැවසුවාය.

මනෝහාරි හේවාවසම් සමග සංවාදයට එක් වූ යුරේනි එහිදී පැවසුවේ බොලිවුඩයට නිළියක ලෙස අවතීර්ණ වීම කිසිසේත්ම පහසු කාරණයක් නොවන අතර තමන් ඉන්දියාවේ ගත කළ කාලයේදී ඒ වෙනුවෙන් 'තේ එකක්' පමණක් ආහාරය කොටගෙන තෝරාගැනීමේ පෝලිම්වල සිටගෙන සිටි බවය. ඉන්දියාවේ වීසා අවසන් වීමේදී එය අලුත් කරගැනීමට පැමිණි විට සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් වූ බව යුරේනි එහිදී ප්‍රකාශ කළාය.
තමන් 'එස්කොට්' හෙවත් ආවතේවකරුවකු වී ඉන්දියාවට යළි යාමට එහිදී අපේක්ෂා කරගෙන සිටි බව යුරේනි එම අපේක්ෂාව වීසා අලුත් කරගැනීමට ආ ගමනේදී වෙනස් වූ බව ප්‍රකාශ කළාය.
යුරේනි සිය සංවාදයේදී සංක්ෂිප්තව අවධාරණය කළේ 'පිට කවරෙ බලා කිසිවෙකු මනින්න එපා' යන්නයි.
කලාකරුවන් කී පමණින් ඔවුන්ගේ රඟපෑම්, ඉදිරිපත් කිරීම් හේතුවෙන් ඔවුන් පිළිබඳව නිර්වචන දෙන සමාජයට යුරේනි වටිනා පණිවිඩයක් සහ කලාකරුවන් සිය කලා ජීවිතය ගොඩ නගා ගැනීමට ලංකාවේ මෙන්ම ඉන්දියාවේද කරන අරගලය පිළිබඳවද බොහෝ කාරණා සංවාදයේදී විවරණය කළාය.
සිය ජීවිතයේ කටුකත්වය මෙන්ම මේ වන විට අත් විඳින සාර්ථකත්වය පිළිබඳවද සතුටින් සාකච්ඡා කළ යුරේනිගේ සංවාදය Mirror Arts යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.

 

Back to top
Go to bottom