lan englan tam

පුවත්

රුවන්ති මංගලා මහින්ද වෙනුවෙන් කාන්තාවන් සමග එක මිටට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රංගන ශිල්පිනී රුවන්ති මංගලා දේශපාලන කටයුතුවල නියැලීම ඇයගේ කලා රසිකයින්ට අලුත් පුවතක් නොවේ.

අලුත් පුවත වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සියලු කාන්තාවන් එක මිටකට ගෙන ඒමව රුවන්ති මංගලා ඉදිරිපත්ව තිබීමයි.
හිටපු ජනාධිපතිවරයා මේ වන විට රැඳී සිටින නිවසේ කුළිය ගෙවීම පිළිබඳව මේ දිනවල මාතෘකා වී තිබෙන අතර ඔහු එම නිවසින් ඉවත් කිරීමට වන ප්‍රකාශ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට අද (21) සහභාගි වෙමින් රුවන්ති මේ බව පැවසුවාය.
එහිදී ඇය දැකූ කරුණු කිහිපයක් මෙසේය.
"අපේ කාන්තාවො අපේ එක්ක එකතු වෙලා ඉන්නේ. ඒ ගැන හරි සතුටුයි. ඉදිරියේදී අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා පෙරමුණ ශක්තිමත් කිරීමට, දැවැන්ත කාන්තා පෙරමුණක් අපි අනිවාර්යයෙන් හදනවා. ඒකට කාන්තාවෝ අපිත් එක්ක අනිවාර්යයෙන් සැදී පැහැදී ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ යුද්ධය දිනූ නායකයා. එතුමා 2015 යනකොට කාන්තාවො ගොඩක් ඇඬුවා. කාන්තාවො ගෙවල්වල ඉව්වේ නෑ. අද එතුමා නිවී සැනසිල්ලේ විශ්‍රාම සුවයෙන් ඉන්න වෙලාවේ එතුමාගේ නිවාසෙත් අහිමි කරන්නයි හදන්නේ. මම හිතන්නේ නෑ ඒකට රටේ ඉන්න කාන්තාවො, මාලිමා රජයේ එක මිටට කියලා උදව් කළ කාන්තාවො පවා මම හිතන්නෑ ඒකට ඉඩ දෙයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවාස අහිමි කරනවා නම් අපි හැමෝම ඒ වෙන්වෙන් එරෙහි වෙලා එක මිටකට එනවා."

Back to top
Go to bottom