lan englan tam

පුවත්

නාට්‍යවේදි ප්‍රේමරංජිත් තිලකරත්න මහතාගේ අවසන් කටයුතු අද

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, ලේඛකයෙකු මෙන්ම පරිවර්තකයකු ලෙස දශක පහකට අධික කාලයක සිට ශ්‍රී ලාංකේය සාහිත්‍යය හා නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල සංස්කෘතික දායකත්වයක් දැක්වූ කලාභූෂණ ප්‍රේමරංජිත් තිලකරත්න මහතා 2017 මැයි මස 12 වන සිකුරාදා අප අතරින් සදහටම වෙන්වී ගියේය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී, ටවර් හෝල් පදනමේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපදේශක ඇතුළු පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙසද සේවය කළ එතුමා මියයන විට 80 වන වියෙහි පසු විය.

වගුරු බිම (1963), වහලක් නැති ගෙයක් (1964), තොත්ත බබා (1965), අම්මයි අප්පයි (1966), කෝන්තරේ (1968), මූණු සයකි රූකඩයකි (1970), ජුලී (1977), ශ්‍රී වික්‍රම (1979), සැරද සීතා (1980), දේවී (1988), හොරා පොලිස් (2003) යන නාට්‍ය ප්‍රේමරන්ජිත් තිලකරත්න මහතා විසින් රචනාකර නිෂ්පාදනය කරන ලදී.

තම නිර්මාණ කාර්යන් වෙනුවෙන් නිතැතින් සම්මානයට පාත්‍ර වූ එතුමා ජනප්‍රිය ස්වතන්ත්‍ර සහ පරිවර්තන පොත් රාශියක රචකයකුද වේ. එතුමාගේ අවසාන කටයුතු 2017 මැයි මස 13 එනම් අද දින සවස 5 ට තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

සබැඳි පුවත්

නාට්‍යවේදි ප්‍රේමරංජිත් තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි

 

Back to top
Go to bottom

Popular News