lan englan tam

පුවත්

පැරණි සිංහල ජීවන පුවත් ග්‍රන්ථය එළි දැක්වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් 1948 සිට 1962 දක්වා කාලය තුළ පළ කරනු ලැබූ ''ශ්‍රී ලංකා'' සඟරාවේ සංස්කාරකව සිටි ප්‍රවීණ ලේඛක පීටර් විජේසිංහ මහතා විසින් එම සඟරාවට ලියන ලද ලිපි එකතුවක් ''පැරණි සිංහල ජීවන පුවත්''මැයෙන් ග්‍රන්ථයක් ලෙස එලිදැක්වීම ඉකුත් දා කොළඹදී සිදු කෙරිණි.

පැරණි සිංහල ජීවන පුවත් හා පවුල් සබඳතා ගැමි දිවි පැවැත්ම හා ජීවන වෘත්තීන් පැරණි සිංහල ගම හා ගැමි පවුල,පැරණි ගැමි සමාජයේ විවිධාංග,වැව කෙත දාගැබ හා පැරණි සිංහල ජන ජීවිතය ආදී මාතෘකා රැසක් සිංහල ජන ජීවිතය ආදී මාතෘකා රැසක් යටතේ රචිත ලිපි 122කින් සමන්විත මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත්තේ,ප්‍රවීණ ගත් කතුවරියක හා ලේඛිකාවක වන භද්‍රා ඉන්ද්‍රානී අමරකෝන් මහත්මිය විසිනි.

ඇය අභවප්‍රාප්ත කතුවර පීටර් විජේසිංහ මහතාගේ වැඩිමල් දියණියයි. පැරණි සිංහල ජීවන පුවත් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පසුගිය 13 සවස කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහිදී සම්මානිත මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.

 

Back to top
Go to bottom

Popular News