lan englan tam

පුවත්

රාජ්‍ය චිත්‍ර මුර්ති උළෙල ජූලි 20 වැනිදා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

2017 වසරේ රාජ්‍ය චිත්‍ර, මූර්ති උළෙල ජූලි 20දා පස්වරු 5.00 ට කොළඹ 7, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

චිත්‍ර, මූර්ති, ස්ථාපන හා මුද්‍රණ විදි යන ප්‍රධාන අංශ හතර යටතේ පැවැත්වෙන උළෙලට නිර්මාණ 350 ක් පමණ ලැබී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එයින් අවසන් වටය සඳහා නිර්මාණ 78 සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් අතුරින් සම්මන්ලාභින් තෝරා පත් කරගෙන තිබේ.

අවසන් වටයට තේරුණ නිර්මාණ කොළඹ සෞන්දර්යය විශ්විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී එදින ප.ව. 4.00 ට ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු ලැබේ.

නිර්මාණ එදින සිට 25 දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 7.00 දක්වා ප්‍රදර්ශනය කෙරේ.

Back to top
Go to bottom

Popular News