සමාජ වගකීමක් සහිත නිදහස් මාධ්‍ය සංස්කෘතියක්” සමුළුව නොවැම්බර් 21 , කොළඔ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
1989-90 භීෂණ සමයත් සමග එවකට පැවැති පාලනයෙන් ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය නිදහසට එල්ල වෙමින් තිබූ තර්ජන හා මර්දනයන්ට එරෙහිව, බලපෑමේ කණ්ඩායමක් වශයෙන් ඒකරාශීව 1992 ජුනි මාසයේ සිට විධිමත්ව සංවිධානගතවූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට 2017 වර්ෂයට වසර 25 ක් සපිරෙයි.
25 වන සැමරුම් උළෙල ජනමාධ්‍යවේදීන්, සහෝදර ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයින් ,විද්වතුන්, හා සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වය ඇතිව නොවැම්බර් 21 වැනිදා දවස පුරා කොළඔ , ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී අභිමානවත් ලෙස සැමරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සැලසුම්කර තිබේ.
පසුගිය දශක දෙකහමාර තුළ සත්‍යය දැනගැනීමට හා සත්‍යය ප්‍රකාශකිරීමට ඇති අයිතිය සහ පොදුවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ගෙනගිය සමාජ අරගලයේ සුවිශේෂී සන්ධිස්ථාන සිහිපත් කෙරෙන ප්‍රදර්ශනයක් සහ වඩා යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැංවීමට ඉවහල්වන පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සදහා මග පෙන්වන කෙටුම්පතක් (Blueprint) ප්‍රකාශයට පත්කිරීමත්, ජනමාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවීම පිළිබදව සිදුකරන ලද දණ්ඩ මුක්තිය අවසන් කිරීම පිළිබද පර්යේෂණයේ වාර්තාව සමාජගත කිරීමත්, 25 වැනි සැමරුම් සමුළු වැඩසටහනේ ප්රමුඛ අංග අතරට ඇතුළත්ය.
උතුරු-නැගෙනහිර ප්‍රදේශ ඇතුළුව ශ්‍රී ලංකාවේ සියලූ පළාත් නියෝජනය කරන ජනමාධ්‍යවේදීන් සහ දේශීය සහ විදේශීය ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයින්ට ද, විද්වතුන්ට ද සමුළු වැඩසටහන සදහා ඇරියුම්කර තිබේ. සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා විසින් පවත්වනු ලබන අතර, අනෙකුත් සාකච්ඡුා මණ්ඩප සඳහා ආචාර්ය දීපිකා උඩගම, නඬේසපිල්ලයි විද්‍යාදරන්, රුකී ප්‍රනාන්දු, නාලක ගුණවර්ධන, විජයානන්ද රූපසිංහ සහ ලසන්ත රුහුණගේ ඇතුළු විද්වතුන් හා සමාජ ක්‍රියාකාරීන් සහභාගී වීමට නියමිතය.
මෙම වැඩසටහනට සහභාගීවීම පිළිබද උනන්දුවක් දක්වන පුද්ගලයින්ට දුරකතන අංක 0012368895 හෝ عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. ඔස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සම්බන්ධ වෙමින් ඊට අවස්ථාවක් සළසාගත හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සී.දොඩාවත්ත මහතා පවසයි.