lan englan tam

පුවත්

වීදී චිත්‍ර ශිල්පීන්ටත් ජනපති සම්මාන

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

වීදි චිත්‍ර ශිල්පින් අගයමින් ජනපති සම්මාන පිරිනැමීමේ වැඩසටහනක් මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ වීදි චිත්‍ර ශිල්පීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් සමඟ 16 අඟහරුවාදා ජනපති කාර්යාලයේ පැවති හමුවක් අතරතුරදීය.

සිය ඉල්ලීම් කිහිපයක් සහ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ග ඇතුලත් යෝජනා කිහිපයක් මෙහිදී නිර්මාණ ශිල්පින් ජනපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ශිල්පීන්ගේ සුබ සාධනය සහ ඉදිරි වැඩකටයුතු වෙනුවෙන් රජයක් ලෙස ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Back to top
Go to bottom

Popular News