lan englan tam

පුවත්

ජෝන් ද සිල්වා රඟහල ගැන ජනපති සහතික දෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කිසිදු සූදානමක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබේ.

වේදිකා නාට්‍ය ඇතුළුව ප්‍රසාංගික කලා නිර්මාණ, සාධාරණ මිල ගණන් යටතේ වේදිකා ගත කිරීම සඳහා ශාලා පහසුකම් ලබාගත හැකිව තිබු මෙම රඟහල කලාකරුවන්ගේ සහ ප්‍රේක්ෂක ජනතාවගේ අවශ්‍යතා අනුව අනාගතය උදෙසා සුදුසු අන්දමින් කඩිනමින් නවීකරණය කරන ලෙස අදාළ අංශ වලට ජනපතිතුමා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ පිළිබදව කලාකරුවන් දැනුවක් කරන ලෙස ද ජනාධිපති සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත උපදෙස් ලබා දී ඇත.

ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට සූදානමක් පවතින බවට මාධ්‍ය වාර්තා පල වී තිබිණි.

ඒ පිළිබදව කලාකරුවන් අතරින් ද විවිධ සංවාද ගොඩනැගුණු අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

Back to top
Go to bottom

Popular News