lan englan tam

පුවත්

"තුන්වැනි යාමය"බේරා ගන්න ජනපති ඉදිරිපත් වෙයි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

තම සිනමා නිර්මාණයක් වන "තුන්වැනි යාමය" චෙන්නායිහි ප්‍රසාද් රසායනාගාරයට යවා සංරක්‌ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත්ව සිටින බව ධර්මසිරි බණ්‌ඩාරනායක පුවත්පතකට පවසා තිබේ.

"තුන්වැනි යාමය රැක ගනිමු" මැයෙන් පල කරන ලද පුවතට අවධානය යොමු කර ඇති ජනාධිපතිවරයා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‌ෂ ධර්මසිරි බණ්‌ඩාරනායක මහතා කැඳවා මේ පිළිබඳ විමසීම් කර ඇත.
 
මම මේ සඳහා අරමුදලක්‌ පිහිටෙව්වා. ඊට ඩොලර් පන්සීයක්‌ විතර එකතුව තිබෙනවා. ඒත් මාසයක්‌ තුළ මේ චිත්‍රපටය ප්‍රසාද් රසායනාගාරයට යෑවිය යුතුයි. නැති නම් බේරා ගන්න බැරි වෙනවා. මේ ගැන ප්‍රවෘත්තිය දැකපු කෙනෙක්‌ ජනාධිපතිතුමාට ඒ බව ප්‍රකාශ කරලා. ජනාධිපතිතුමා මාව කැඳෙව්වා. අවශ්‍ය මුදල් දෙන්නම් චිත්‍රපටය බේරා ගන්න කියා ජනාධිපතිතුමා පහුගිය 24 වැනිදා මට පැවසුවා. ඒ සමගම මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක්‌ කරනවා ලංකාවට චිත්‍රපට සංරක්‌ෂණාගාරයක්‌ සඳහා වන යන්ත්‍ර සූත්‍ර ලබා දෙන්න. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න. ඉතා වැදගත් චිත්‍රපට 251 ක්‌ පමණ තිබෙනවා විනාශයට ලක්‌ වෙමින්. තුන්වැනි යාමයෙන් ඇරැඹි මේ ප්‍රයත්නය සංරක්‌ෂණාගාරයක්‌ බිහි කිරීම දක්‌වා මා ගෙන යනවා,” යෑයි ධර්මසිරි බණ්‌ඩාරනායක මහතා කීවේය.

දිවයින

 

Back to top
Go to bottom

Popular News