lan englan tam

පුවත්

බංග්ලාදේශ චිත්‍රපට උළෙල අද ඇරඹේ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

 

තෙදිනක් පුරා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බංග්ලාදේශ සිනමා උළෙල අද සවස 5.30 ට ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සම සංවිධානයෙන් මෙවර සංවිධානය වන බංග්ලාදේශ සිනමා උළෙලේ ප්‍රධාන සංවිධායක කටයුත්ත බාරව සිටින්නේ සිනමාව පිලිබඳ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක විසිනි.

චිත්‍රපට සියල්ල බෙංගාල භාෂාවෙන් නිපදවා ඇති අතර ඉංග්‍රීසි උපසිරැසි සහිතව තිරගත වේ.

සිනමා පෙළගැස්ම මෙසේය,

මාර්තු 23 සිකුරාදා       සවස 5.30 ට - මොස්ටාෆා ෆාරුකි ගේ ‘දූබ්’

මාර්තු 24 සෙනසුරාදා උදෑසන 10.30 ට - මොශේදුල් ඉස්ලාම් ගේ ‘අනිල් බග්චිර් ඒක්දින්’

                                 සවස 3.00 ට      -ෆක්රුල් ඛාන් ගේ ‘භුබන් මජී’

                                  සවස 5.30 ට      -අමිතාබ් රෙසා චෞදුරි ගේ ‘අයිනාබාසි’

මාර්තු 25 ඉරිදා සවස 3.00 ට - මොස්ටාෆා ෆාරුකි ගේ ‘ටෙලිවිෂන්’

                       සවස 6.00 ට - රුබයියාත් හුසේන් ගේ ‘අන්ඩර් කන්ස්ට්‍රක්ෂන්

 

Back to top
Go to bottom

Popular News