lan englan tam

පුවත්

බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් පුස්තකාල

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මෙරට පිහිටි රැඳවියන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන 30 තුළම පුස්තකාල ඇති කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

එහි පළමු පියවර ලෙස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය හරහා බන්ධනාගාර 10 ක පුස්තකාල ඉදිකිරීමට පියවර ගන්නා බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ (26) වැලිකඩ බන්ධනාගාරයේ දී පැවති උත්සවයක දී පැවසීය.

සිරගතව සිට දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිට ඉන් සමත් වූ 19 දෙනෙකු හා ධර්මාචාර්ය විභාගය සමත් වූ දෙදෙනෙකු වෙත අදාළ සහතික පත්‍ර ප්‍රදානය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය.

එසේම වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රැඳවියන් විසින් රචනා කරන ලද සිපිරි ගේ පාමුල කාව්‍ය සංග්‍රහය දොරට වැඩීම ද එහිදී සිදු කෙරිණි.

මෙම උත්සව අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල සමග බන්ධනාගාර කොමසාරිස් එච්.එම්.එන්.සී. ධනසිංහ, බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මෙන් ම අධිකරණ හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් එක්ව සිටියහ.

Back to top
Go to bottom

Popular News