ටෙලිනිස කලාකරු නාමාවලිය නව මුහුණුවරකින්
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය මඟින් සම්පාදනය කරන ටෙලිනිස නාමාවලියේ නව පිටපත වඩා වෙනස්කම් සහිතව ගෙන එන බව එහි වත්මන් සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන දන්වා සිටියි.
ඒ අනුව මෙහි නව මුද්‍රණයෙහි කලාකරුවන්ගේ නමට ඉදිරියෙන් ඔවුනගේ ඡායාරූපයක්ද ඇතුළත්වනු ඇත. මේ සඳහා ටෙලිනිස නාමාවලිය සඳහා කලාකරුවන්ගේ සේයාරුවක් එවන හැටියට සභාපතිවරයා දන්වා සිටියි.
ඒ සඳහා عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. යන විද්‍යුත් ලිපිනය භාවිත කළ හැකිය. තැපැල් මඟින් නම් සභාපති, ටෙලිනිස නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, අංක 47/B, කොළඹ පාර, පිළියන්දල යන ලිපිනයට එවීමට පුළුවන.
මෙරට සියලු කලාකරුවන්ගේ නාමයන් සහ දුරකථන අංක අන්තර්ගතවන ටෙලිනිස නාමාවලිය වසරක් පාසා මුද්‍රණය කරනු ලබයි.
සරසවිය