අල්ලස හා දුෂණය මැඩලීම තේමා කරගත් කෙටි චිත්‍රපට තරගාවලියක්
අල්ලස හා දුෂණය මැඩලීම තේමා කරගත් කෙටි චිත්‍රපට තරගාවලියක් සඳහා තිර පිටපත් බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා නම් රාජ්‍ය නොවන සංවිධානය විසින් සංවිධාන කරනු ලබන මෙම තරගාවලියට දුෂණ විරෝධී තේමාවන් තුනක් යටතේ පුද්ගල හෝ කණ්ඩායම් වශයෙන් නිර්මාණ යොමු කළ හැකි ය. එම තේමාවන් වන්නේ දුෂණයට එරෙහිව තාරුණ්‍යයේ කාර්යභාරය, කාන්තාවට මුහුණ දීමට සිදුවන දුෂණයේ අසමාන බලපෑම සහ මහා පරිමාන දුෂණ සිදුවීම් ය.
එහිදී අයදුම්කරුවන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකි,
- වයස අවුරුදු 33 ට පහළ අයදුම්කරුවන්ට සිංහල, දෙමල හෝ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් තිර පිටපත් යොමු කළ හැකි ය.
- කෙටි චිත්‍රපට සැලසුම විනාඩි 5 කට නොඅඩු සහ 15 කට නොවැඩි විය යුතු ය.
- තමාගේ නිර්මාණයක් විය යුතු ය.
- එක් අයෙකු එක් නිර්මාණයක් පමණක් යොමු කළ යුතු යි.
- තිර පිටපතේ මුල් පිටුවේ මාතෘකාව පමණක් සඳහන් කළ යුතු අතර අයදුම්කරුගේ විස්තර ඇතුලත් නොකළ යුතු ය.
- අයදුම්කරු සම්බන්ධ කරගත හැකි විස්තර ඇතුළු පෞද්ගලික තොරතුරු ‘විද්‍යුත් පණිවිඩයේ’ සඳහන් විය යුතු ය.
- “කෙටි චිත්‍රපට තරගය” යන මාතෘකාව යටතේ pdf යොමුවක් ලෙස عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. විද්‍යුත් ලිපිනයට තිර පිටපත යොමු කළ යුතු ය.
- ඔක්තෝබර් 30 වැනිදාට පෙර තිර පිටපත යොමු කළ යුතු ය.
පළමු වටයෙන් තෝරාගන්නා අයදුම්කරුවන් සඳහා වැඩමුළුවක් පැවැත්වෙන අතර එක් තේමාවක් යටතේ එක් ජයග්‍රාහකයෙක් ලෙස ජයග්‍රාහකයන් තුන්දෙනෙක් නම් කෙරේ.
සිනමා ක්ෂේත්රයේ ප්රවීනයන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිත බවත් ජයග්රාහි තිර පිටපත් නිෂ්පාදනය කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් සංවිධායකයෝ පවසති.
දේශීය සිනමාකරුවන් දිරි ගැන්වීම උදෙසා සහ දුෂණයට එරෙහිව සටන් වැදීම යන පණිවිඩය සිනමාව ඔස්සේ ව්‍යාප්ත කිරීමේ අරමුණු ඇතිව මෙම තරගය සංවිධාන කෙරේ.
වැඩි විස්තර සඳහා : 076 3018596 (සාහිඩ්), වෙබ් අඩවිය