මීට වසර එකසිය තිහකට පෙර, වැන්සන් වැන් ගොග් ලැඟුම් ගෙන සිටි ප්‍රංශයේ Auvers-sur-Oise හි තානායම් කාමරයේ පාන්දර අවදි වී සුපුරුදු පරිදි චිත්‍ර ඇඳීමට කැන්වසයක් රැගෙන පිටතට ගියේය. එදින රාත්‍රියේ ඔහු නැවත තානායම වෙත පැමිණියේ මාරාන්තික වෙඩි පහරක් සමඟය. එයින් දින දෙකකට පසු 1890 ජූලි 29 දින ඔහු මිය ගියේය.
පුවත්
වැන් ගොග්ගේ අවසන් සිතුවම ඔහුගේ මරණය ගැන ඉඟියක්ද?
වැන් ගොග්ගේ අවසන් දින කිහිපය පිළිබඳ ඉඟියක් ඔහුගේ අවසාන සිතුවමේ දක්නට ලැබේ යයි පර්යේක්ෂයෙකු පවසන්නේ, කලාකරුවා වෙඩි වැදීමෙන් මාරාන්තික තුවාලයකට ලක් වූ දිනයේ ඔහු සිත්තම් කරමින් සිටි අවසන් කෘතිය ලෙස සැලකෙන “Tree Roots.” සිතුවම කළ ස්ථානය ඔහු විසින් අනාවරණය කරගත් පසුවයි.
වෙඩි තැබීමේ දිනයේ සිදුවීම් අනුපිළිවෙල පිළිබඳව විද්වතුන් දිගු කලක් තිස්සේ අනුමාන කර ඇතත්, දැන් ප්‍රංශයේ පර්යේෂකයෙකු වන Wouter van der Veen පවසන්නේ ඔහු විශාල ප්‍රහේලිකාවක් විසඳා ගෙන ඇති බවයි. වැන් ගොග් ඔහුගේ අවසාන චිත්‍රය වන "ගස් මුල්." “Tree Roots” නිර්මාණය කළ නිශ්චිත ස්ථානය සොයාගැනීමෙන් කලාකරුවා සිය අවසන් දිනය ගත කළ ආකාරය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට උපකාරී වේ.
වෙඩි වැදීමට පෙර "ඔහුගේ අවසාන දවසේදී ඔහු කළේ කුමක්දැයි අපි දැන් දනිමු" යයි වැන් ගොග් නවාතැන් ගෙන සිටි Auvers-sur-Oise තානායම වන Auberge Ravoux හි කලාකරුවාගේ කුඩා කාමරය සංරක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලද Van Gogh පදනමේ විද්‍යාත්මක අධ්යක්ෂ වැන් ඩර් වීන් මහතා පැවසීය. "එදින ඔහු මුළු දවසම මෙම සිතුවම පින්තාරු කිරීමට ගත කළ බව අපි දනිමු," වැන් ඩර් වීන් මහතා තවදුරටත් සඳහන් කළේය.
පැරිසියේ සිට සැතපුම් 20 ක් පමණ උතුරින් පිහිටි Auvers-sur-Oise හරහා ඇදෙන ප්‍රධාන මාර්ගයක් වන Rue Daubigny හි “ගස් මුල්” පින්තාරු කර ඇති බව වැන් ඩර් වීන් මහතා සොයා ගත්තේය. වැන් ගොග් සිය ජීවිතයේ අවසන් දින 70 ගත කළ Auberge Ravoux සිට අඩි 500ක් පමණ ඈතින් පිහිටි කඳු බෑවුමක පිහිටා ඇති ගොරෝසු වූ මුල් සහ කඳන් ඇති මේ ගස අදටත් දැකගත හැකිය.
ඇම්ස්ටර්ඩෑම් හි වැන්ගෝ කෞතුකාගාරයේ පර්යේෂකයන් මෙම සොයා ගැනීම අනුමත කර ඇත. වැන් ගොග් කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ලුවී වැන් ටිල්බර්ග් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ මෙම සොයා ගැනීම "අර්ථකථනයක්, නමුත් එය ඇත්ත වශයෙන්ම සත්‍යයක්" බවයි.
වැන් ඩර් වීන් මහතා පවසන අන්දමට, ඓතිහාසික තැපැල්පත් සිය ගණනක් එකතු කර ඇති 94 හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාවක් වන Janine Demuriez ගෙන් ඉල්ලා ගත් post cards කිහිපයකින් එකක පාපැදිකරුවෙකු 1905 දී පමණ Rue Daubigny හි මේ ගස් මුල් පැහැදිලිව පෙනෙන බෑවුම් සහිත බැම්මක් අසල සිටියි.
වැන් ඩර් වීන් මහතා පැවසුවේ ප්‍රංශයේ ස්ට්රාස්බර්ග් හි නිවසේ lockdown කාලයේදී ඔහුගේ පරිගණක තිරය මත තැපැල් පත දර්ශනය වෙද්දී ඔහුගේ මනසෙහි යමක් තැන්පත් වූ බවයි. ඒ තැපැල් පත වැන් ගොග් ගේ “Tree Roots” සිහිගැන්වූ බැවින් සිතුවමේ ඩිජිටල් පිටපතක් ගෙන ඒවා එකිනෙක සංසන්දනය කළේය.
තැපැල් පත "කිසිවෙකුට සොයාගත නොහැකි රහසිගත සැඟවුණු ලේඛනයක් නොවේ" යැයි වැන් ඩර් වීන් මහතා පැවසීය. “බොහෝ අය දැනටමත් එය දැක විෂය මෙන්ම ගස් මුල්වල මෝස්තරය හඳුනාගෙන ඇත. එය පැහැදිලිව පෙනෙන පරිදි සැඟවී තිබුණි.
රට වසා ඇති නිසා ඔහුට ස්ට්රැස්බර්ග් සිට ගමන් කිරීමට නොහැකි වූ බැවින් වැන් ඩර් වීන් මහතා Auvers හි සිටි වැන්ගෝ පදනමේ භාරකරු ඩොමිනික්-චාල්ස් ජැන්සන්ස් අමතා ප්‍රදේශය පරික්ෂා කරන ලෙස ඉල්ලා සිටියේය.
"45% - 50% විශ්වාසයි තවමත් ගස පවතින බවට" යයි Janssens මහතා දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ඒ ගැන සඳහන් කළේය. "ඔවුන් ගස් සමහරක් කපා දැමුවා, එය අයිවි වලින් වැසී තිබුණා, නමුත් අපි ඒවායින් සමහරක් බිමට ගත්තා."
" වැන්ගෝ 1890 ජූනි මාසයේදී "The Church at Auvers” සිතුවම කිරීමට නගරයේ පල්ලිය වෙත යාමට, 1890 ජූනි මස නගරයෙන් පිටත පිහිටි පුළුල් තිරිඟු කෙත් වෙත ගොස් එහිදී ඔහු "Wheatfield" සිතුවම කිරීමටත්, ජූලි මාසයේදී “Wheatfield With Crows” සිතුවම් කිරීමටත් Rue Daubigny දිගේ ඇවිද ගොස් තිබෙනවා" වැන් ඩර් වීන් මහතා පැවසීය.
වැන් ගොග්ගේ අවසාන කෘතිය වූයේ කුමක්ද යන්න පිළිබඳව දිගු කලක් තිස්සේ විවාදයක් පැවතුනි, මන්ද ඔහු තම සිතුවම් වල දින සඳහන් කිරීමට උනන්දුවක් නොදැක්වූ නිසාය. බොහෝ අය වැන් ගොග්ගේ අවසාන කෘතිය “Wheatfield With Crows”යැයි විශ්වාස කරති, මන්ද වින්සන්ට් මිනෙල්ලිගේ 1956 "Lust for Life" නම් චිත්‍රපටියේ කර්ක් ඩග්ලස් විසින් රගපෑ van Gogh චරිතාපදානයේ සියදිවි නසාගැනීමට මොහොතකට පෙර පිස්සු වැටුණු විට ඔහු “Wheatfield With Crows” සිතුවම් කරන ආකාරය නිරූපණය කළ බැවිණි.
වින්සන්ට්ගේ සොහොයුරා තියෝ වැන් ගොග්ගේ මස්සිනා වූ "ඇන්ඩ්රිස් බොන්ගර්" වැන් ගොග් ගේ මරණය හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් ලියා තැබූ ලිපියක මෙසේ සඳහන් කළේය, “ඔහුගේ මරණයට පෙර දින උදෑසන ඔහු හිරු එළිය හා ජීවයෙන් පිරී වනාන්තර දර්ශනයක් සිතුවම් කර ඇත."
2012 දී, වැන් ගොග් කෞතුකාගාරය විසින් වැන් ටිල්බර්ග් සහ බර්ට් මේස් විසින් ලිපියක් ප්‍රකාශයට පත් කරන ලද අතර, එම ලිපිය කෞතුකාගාරයේ එකතුවේ ඇති නිම නොකළ චිත්‍රයක් වන "ගස් මුල්"හෙවත් "Tree Roots" වෙත යොමු කර ඇති බවට තර්ක කළේය. එම ප්‍රකාශය දැන් බොහෝ දුරට විද්වතුන් විසින් පිළිගෙන ඇත.
මුල්වල ආලෝකය නිරූපනය කර ඇති ආකාරය නිසා, වැන් ඩර් වීන් මහතා පවසන්නේ, වැන් ගෝග් සිය විෂය කරුණු දෙස සවස 5 ට හෝ 6ට පමණ බලා සිටි බව තමා විශ්වාස කරන බවයි. ඔහු පවසන ආකාරයට, මෙයින් අදහස් කරන්නේ වෑන් ගෝග් මුළු දවසම සිතුවම් කිරීමට කාලය ගත කළ බවයි.
2011 දී Steven Naifeh සහ Gregory White Smith විසින් ඔවුන්ගේ චරිතාපදානය වන "Van Gogh: The Life" විසින් ඉදිරිපත් කරන ලද න්‍යායක් නව සාක්ෂි මගින් අභියෝගයට ලක් කළ බව වැන් ඩර් වීන් මහතා වැඩිදුරටත් පැවසීය. ඔවුන් තර්ක කළේ වැන් ගොග් සියදිවි නසා නොගත් නමුත් බීමත්ව තරුණ පිරිමි ළමයින් දෙදෙනෙකු සමඟ වාද කළ ඇති බවත්, ඔවුන් අහම්බෙන් Auberge Ravoux සිට නුදුරින් වූ පෙදෙසක වැන් ගොග් මරා දැමූ බවත්ය. වැන් ඩර් වීන් මහතාගේ "Tree Roots" පිළිබඳ පර්යේෂණ ප්‍රංශයේ පොතක ප්‍රකාශයට පත් කළ අතර ඒ තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් ඩිජිටල් ආකාරයෙන් ද ලබා ගත හැකිය.
"දැන් අපි දන්නවා ඔහු දවස පුරාම චිත්‍ර අඳිමින් සිටි බව, එය සිදුවීමට ඊටත් වඩා අඩු කාලයක් තිබුණා" යැයි වැන් ඩර් වීන් මහතා පැවසීය.
නයිෆේ මහතා ප්‍රතිචාර දැක්වූයේ ආලෝකයේ කෝණය මත පදනම්ව චිත්‍රයක් කාල මුද්‍රා තැබීම කළ නොහැකි බවයි. “එය ඡායාරූපයක් නොවේ, එය සිතුවමක්.” යයි ඔහු දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. "Van Gogh තරමක් වියුක්ත ලෙස පින්තාරු කර ඇති අතර, ඔහු සෑම විටම චිත්‍ර ශිල්පීය නව නිපැයුම් රාශියක් හඳුන්වා දුන්නේය," ඔහු තවදුරටත් පැවසීය, එබැවින් ඔහු තම දෑසින් දුටු ආලෝකය පින්තාරු කරන්නේද නැතහොත් එය කැන්වසය මත නිර්මාණය කරන්නේද යන්න පැවසීම දුෂ්කර වනු ඇත.
නයිෆේ මහතා පැවසුවේ මෙම සොයාගැනීම ඔහුගේ මිනීමැරුම් න්‍යායට පවා සහාය විය හැකි බවයි. “ඔහු සාමාන්‍ය චිත්‍රයක් පමණක් නොව ඉතා වැදගත් චිත්‍රයක් වූවත් මුළු දවසම එළි පහළියේ ඇඳීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු මානසික අවපීඩනයෙන් නොසිටි බවයි,” එමෙන්ම "එය වෙනත් ආකාරයකින් ඵලදායී සාමාන්‍ය දිනයක් වූ අතර, පසුව ඔහු ගොස් සියදිවි නසා ගැනීමට ඉඩ ඇත යන අදහසට එය ප්රතිවිරෝධී වේ" ඔහු පැවසීය.
මෙහිදී වැන් ඩර් වීන් මහතා එක් කරුණකට එකඟ වූයේය. "මේ අවස්ථාවේ බොහෝ සාක්ෂිකරුවන් පවසන සෑම දෙයක්ම තහවුරු කරයි, අවසාන දිනවලදී ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම සාමාන්‍යයයි. ඔහුට අර්බුදයක් ඇති බවට කිසිදු සලකුණක් නොතිබුණි." ඔහු පැවසීය.
කෙසේ වෙතත්, "වැන් ගොග් සියදිවි නසාගත් බව" වැන් ඩර් වීන් මහතා පවසයි, එයට හේතුව වැන්ගෝ කෞතුකාගාරයේ නිල ප්‍රකාශය වන්නේ එයයි.
1882 දී වැන්ගෝ හේග් හි ජීවත් වෙද්දී ගස් මුල්වල සිත්තමක් කර ඇත. ඔහු සිය සොහොයුරා වන තියෝ වෙත ලිපියක් මගින් කලා කෘතිය විස්තර කළේය.
ගස "ජීවිත අරගලයේ යමක් ප්‍රකාශ කිරීමට" තමාට අවශ්‍ය බව ඔහු ලිවීය, එය "උමතුවෙන් හා උද්යෝගිමත් ලෙස පොළොවේ මුල් බැස ගත් නමුත් කුණාටුවෙන් අඩක් ඉරා දමා ඇත."
වැන් ඩර් වීන් මහතා පැවසුවේ "ගස් මුල් “Tree Roots" සිත්තම ද එවැනිම දෙයක් ප්‍රකාශ කළ බවයි.
"මෙම සිතුවම සමඟ ඔහුගේ ජීවිතය අවසන් කිරීම බොහෝ අර්ථවත් කරයි," ඔහු පැවසීය. “සිතුවම ජීවිතයේ අරගලය සහ මරණය සමඟ අරගලය නිරූපණය කරයි. සිය ජීවිතය පසුපස දමා යන්නේ එය තමයි. එය වර්ණවලින් සමුගැනීමේ සටහනකි.”
-
Category
පුවත් -
Hits
409 times