හින්දි සිනමාවේ බෙහෙවින් සාර්ථක වූ අනූව දශකයේ චිත්රප්ටයක් වන 'මොහරා' චිත්රපටයේ අතිශය ජනප්රිය ගීතයක් හැටියට බොහෝ දෙනෙකු දන්නා 'නා කජරේකේ දාර්' වැනි ගීත ගණනාවක හිමිකරුවකු වන පුරාවෘත්තයක් හැටියට එරට බුහුමන් ලැබූ පන්කජ් උදාස් සංගීතවේදියා සිය ජීවිතයෙන් අද (26) සමුගෙන තිබේ.
පුවත්
![](/images/2024/02/26/pankaj udas_large.jpg)
පන්කජ් උදාස්; ඉන්දියාවේ සංගීත පුරාවතේ හඬ නවතී
ඉන්දීය ගසල් ගායකයකු ලෙස සංගීත ක්ෂේත්රයේ බුහුමන් ලැබූ ඔහු දීර්ඝකාලීනව රෝගීව විසීමෙන් අනතුරුව ඉන්දියාවේ බ්රීච් කැන්ඩි රෝහලේදී අභාවප්රාප්ත විය.
මිය යන විට 72 වැනි වියේ පසු වූ ඔහුගේ අවසන් කටයුතු හෙට (27) දිනයේ සිදු කිරීමට නියමිත බව 'ඉන්ඩියන් එක්ස්ප්රස් පුවත්පත' අනාවරණ කළේය.
කුශෝර් කුමාර් - ඉන්දියාවේ අසහාය ගායකයා සමග ක්ෂේත්රයට පිවිසුණ පන්කජ් දාස් 1970 සිට අඛණ්ඩව හින්දි ගීත ගායනයේ සදා නොමැකෙන නාමයක් ලෙස සනිටුහන් විය. 'ආහට්' පන්කජ්ගේ පළමු ගසල් ගීත ඇල්බමය වූ අතර එහි අඩංගු ගීත ඉන්දියාවේ මෙන්ම ශ්රී ලංකාවේද බෙහෙවින් ජනප්රිය විය.
බප්පි ලහිරි, ආනන්ද්-මිලින්ද් සහ අනූ මලික් සමගද මිත්රශීලීව කටයුතු කළ ප්රමුඛතම ගායකයකු වූ පන්කජ් උදාස් මිය නොගිය බව සනිටුහන් වන ගීත ගණනාවක් ඉන්දීය සංගීත කලාවට සිය ලයාන්විත හඬ මගින් දෙනු ලැබ අවසන්ය.
-
Category
පුවත් -
Hits
224 times