lan englan tam

පුවත්

මේ දිනවල අංක එක 'තරින්දි' 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සාර්ථක රඟපෑමට අවශ්‍ය වන්නේ උපතින් ගෙනා සහජ දක්ෂතාවයද,

රඟපෑම ගැන හැදෑරීමද, රංගනය හා ජීවිතය තුළින් ලද අත්දැකීම්ද ....? 

තරින්දි රඟපෑම පිළිබඳව හදාරා ඇත්දැයි මම නොදනිමි. රංගනය තුළින් හෝ ජීවිතය තුළින් අත්දැකීම් ලැබීමට තරම් ඇය මුහුකුරා ගිය අයෙකුද නොවේ. එහෙත් උපතින් ගෙනා අපූරු සහජ දක්ෂතාවයක් නම් ඇය සතුය.
 
මා මුල්වරට තරින්දි ගේ රඟපෑමක් දුටුවේ. මෙගා ටෙලිනාට්‍යයක් තුළිනි. ඒ ඇයගේ මුල්ම රංගනය දැයි මම නොදනිමි. එය ඉතා බොළඳ ටෙලි නාට්‍යයක් වුවද එහි  චරිතය තුළින්ම  ඇය දක්ෂ නිළියක සතු කුසලතා පෙන්නුම් කළාය.
 
සුමිත් රත්නායකගේ 'මහපොළොව' ටෙලිනාට්‍යය තරින්දි ගේ රංගන දිවියේ තවත් කඩඉමකි.
 
මහ පොළොව ටෙලි නාට්‍යයේ රඟපෑ බිමල් ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, චාන්දනී සෙනෙවිරත්න, ගීතා කාන්ති ජයකොඩි, සමන් හේමරත්න, ධර්මප්‍රිය ඩයස් හා නව පරපුරේ අති දක්ෂ නිළි උමාලි තිලකරත්න වැන්නවුන් සමග කරට කර රංගනයේ යෙදීමට ඇයට හැකි විය.
 
මේ වන විට ටෙලි නාට්‍යය ගණනාවක රඟපා ඇති ඇය මේ දිනවල විකාශය වන 'තත්පරයක් දෙන්න' ටෙලි නාට්‍යයේ පූජනී ඒකනායක ගේ චරිතයට පණ පොවන්නේ ස්වකීය රංග කුසලතාව ඉතා ප්‍රබල ලෙස ඉස්මතු කරමින්ය. එවැනි චරිතයකට සාධාරණය ඉටුකළ හැක්කේ පැසුණු බුද්ධියක් ඇති රංගවේදිනියකට පමණි. 
 
එහෙත් මේ නව යොවුන් රංගවේදිනිය සිය ස්වකීය කුසලතාවය රි‌සිසේ මුදාහරිමින් එම චරිතයට කිදා බසින්නේ රංගන දිවියේ අත්දැකීම් බහුල නිළියක් මෙනි.
 
ඇයගේ මේ කුසලතාව පුංචි තිරයෙන් සිනමාවට මුදාහල යුතු කාලය දැන් එළඹ ඇතැයි මට සිතේ. චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ඇය සතු මේ කුසලතාවයෙන් නිසි ඵල ලබාගත හොත් ඇයට ජාත්‍යන්තරය ද ජයගැනීම එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත.
 
රංජිත් පුෂ්පකුමාර
Back to top
Go to bottom

Popular News