lan englan tam

පුවත්

'ඩෝප්' රඟපෑමෙදි වැටුණ අත් ඔරලෝසුව ඇහින්ද 'හරිම බඩු තුනක්' නළුවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

වේදිකාව මත සාර්ථක නළුවෙක් වෙන එක කැමරාවක් ඉස්සරහ රඟපාන හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ප්‍රේක්ෂකයන් එක්ක සෘජු ගනුදෙනුවක් වෙද්දි, හැමදෙයක්ම අඩුපාඩුවක් නැතුව කළමනාකරණය කරගන්න එක මාරම ගේමක් කියල මම විශ්වාස කරනවා.
ඊයෙ පුංචි තියටර් එකේදි, හරිම බඩු තුනක් අතරමැද දි තිලාන් වර්ණජිත්ගෙ අත් ඔරලෝසුව කැඩිල අතින් ගිලිහිලා බිමට වැටෙනවා.
අත් ඔරලෝසුවක් ගැලවිලා හෝ කැඩිලා බිමට වැටෙන එකට අපි බහුතරයක් දෙනා ජීවිතයෙදි මූණ දීලා තියනවා.
ඒක මහ ලොකු අකරතැබ්බයක් නොවුණ වුණත්,අපි කරමින් හිටපු දෙයින් ක්ෂණිකව අපේ අවධානය වෙනස් කරන්න සමත්වෙන සිදුවීමක්.
ඩෝප් රඟපෑම අතරතුරේම තිලාන් ඒක ලස්සනට කළමනාකරණය කරගත්තා.
ඒක අහුලපු විදිහ, අහුලලා ඒක ටිකක් වෙලා අතේ තියාන හිටපු විදිහ, ඒක සාක්කුවට ඔබාගත්ත විදිහ.
අහම්බ සිද්දියක් වුණත් ඒ හැමදේම තිතටම රඟපෑවා.
ඒ විතරක් නෙවෙයි නාට්ටිය ඉවරවෙලා ආචාර කරන්න,වෙරි මරගාතෙම ආපහු වේදිකාවට එද්දිත් කැඩුණු ඔරලෝසුව, මිනිහගෙ අත්ලෙ එහා මෙහා කරකර තියනවා දැක්කා..

නිරෝෂ් ගුණසේකර

Back to top
Go to bottom

Popular News