lan englan tam

පුවත්

'වෙස් තට්ටුව' ජාතික වස්තුවක් කිරීමට සාකච්ඡාවක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා (07) මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

උඩරට වෙස් තට්ටුව ජාතික වස්තුවක් ලෙස නම් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක් බවට පත්ව තිබූ අතර මෙම හමුවේදී මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් සහ කලා ශිල්පීන් තමන් මුහුණ දෙන ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් මුහුණ දෙන ගැටලුවලට කඩිනම් පිළිතුරු සැපයීමට ජනාධිපතිවරයා පියවර ගන්නා බව එහිදී සඳහන් කර තිබූ අතර එම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර යන මහත්වරු එක් වී සිටියහ.

Back to top
Go to bottom

Popular News