lan englan tam

පුවත්

සත්‍යජිත් රායිගේ 'පාතර් පංචාලි' දැක්ම

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ලෝක සිනමාවට පහළ වූ මහා සිනමාකරුවකු ලෙස හැඳින්වෙන ඉන්දීය සිනමා අධ්‍යක්ෂ සහ සාහිත්‍යකරු සත්‍යජිත් රායිගේ පාතර් පංචාලි චිත්‍රපටය ඊයේ (28) කොළඹ, ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී තිරගත කෙරිණි.

ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක විසින් ප්‍රධාන දේශනය කරනු ලැබූ අවස්ථාව සමීර තිලකවර්ධන විසින් මෙහෙයවනු ලැබිණි.
1955 ඉන්දියානු බෙංගාලි භාෂා නාට්‍යමය චිත්‍රපටයක් වශයෙන් එවකට බටහිර බෙංගාල රජය විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටය සත්‍යජිත් රායි විසින් රචනා කරනු ලැබූ තිර පිටපතකි. සත්‍යජිත් රායිගේ සිනමා අධ්‍යක්ෂණයේ ආගමනය සිදු වූයේද 'පාතර් පංචාලි' ඔස්සේය.

Back to top
Go to bottom

Popular News