lan englan tam

පුවත්

Antique කඩයක මරණයක්' ගැන රඟපෑ අයත් කලබල වෙලා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ජනප්‍රිය සිනමා හා කලා නිර්මාණකරුවකු වන අශෝක හඳගමගේ 'ඇන්ටික් කඩයක මරණයක්' වේදිකා නාට්‍යය වේදිකාගත කිරීමේ වාර මේ වන විට අවසන් කර තිබෙන අතර එම නාට්‍යය ස්වාධීන රූපවාහිනී නාලිකාවේ මැයි 12 වැනිදා විකාශය වීමට නියමිතය.

'Antique කඩේ මරණයක්' නාට්‍යය නොනැරඹූ රසික පාර්ශ්වයට මෙය එදින නැරඹීමට හැකි බවට නාට්‍යයේ නිර්මාණකරු අශෝක හඳගම විවෘත ආරාධනයක් කරන අතර නාට්‍යය වැඩිහිටි ප්‍රේක්ෂකයන් සඳහා නිමැවූවකි.
නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ පෙන්වන බවට වන ආරංචිය සමග රංගන ශිල්පිනී නිපුණි ශාරධාද සටහනක් පළ කර තිබිණි.
"අසෝක (හදගම) අයියා හැම ශෝ එකකම තුන්වන සීනුව වදින්න කලින් ඇන්ටික් කඩේ පිටිපස්සට අපි එකතු වුනාම කියන කතාවක් තියෙනවා.
නාට්‍යයක් තියෙන්නේ රග දක්වන මොහොතේ විතරයි. ඒක ඇතිවෙලා නැතිවෙලා යනවා. අයේ ඒක පවතින්නේ මතකයක් විදිහට විතරයි කියලා…
අපි මේ මාර්තු මාසේ ඇන්ටික් කඩේට ගෞරවාන්විත සමුගැනීමක් ලබා දුන්නා. ඒත් එකපාරටම ඓඨ්ණ් එකේ මැයි 12 වෙනිදා රෑ 10ට නාට්‍යයේ පටිගත කරන ලද දර්ශනයක් පෙන්නනවා කිව්වම අමුතු හැගීමක් ආවා.
මං දන්නේ නෑ පටිගත කළ දර්ශනයකින් සජීවි නාට්‍ය දර්ශනයක අත්දැකීම ම ලැබෙනවද කියලා. ඒත් මේක අපිට විශේෂ වෙන්නේ -අර අයියා කියපු විදිහට -මෙතෙක් මතකයක් වෙලා ඇති වී නැති වී ගිය, කවදාවත් දැකලා නැති අත්දැකලා විතරක් තියෙන ඇන්ටික් කඩේ, අපිටත් - ඒ කියන්නේ නාට්‍ය කණ්ඩායමටත්- දකින්න හම්බෙන අවස්ථාවක් වීම නිසයි. ඒක නම් මතක ගොඩක ස්මරණයක් වෙනවා නොඅනුමානයි.
ඉතින්, අපිට වගේම ඒක සජීවි ව නරඹන්න බැරිඋන හිතවතුනි, මෙන්න ඔබටත් අවස්ථාවක් ඇවිත්…." යනුවෙනි.

Back to top
Go to bottom

Popular News