lan englan tam

පුවත්

පද්ම ශ්‍රී සම්මානය ගන්න යන්න මග වියදම් නැති කලා විරුවා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

මේ ඉන්දියාවේ ඔදීෂා ප්රාන්තයේ කොස්ලි භාෂාව කතා කරන, ඇඳුම් ජෝඩු 03 ක, ගෙවීගිය රබර් සෙරෙප්පු ජෝඩුවක, පැරණි උපැස් යුවළක, ඉන්දීය රුපියල් 732 ක ගිණුමක් හිමි "හල්දාර් නාග්" නැමති අයයි.

එහෙත්, ඔහු වීර කාව්ය 20 ක් පමණ ලියා ඇති ප්රකට කවියෙකි. ඔහුගේ එම "හල්දාර් ග්රන්ථවාලි - 2" නැමති කාව්යයන්ගේ එකතුවක් සම්බල්පුර් විශ්ව විද්යාලයේ විෂය මාලාවේ කොටසක් බවට පත් කර ඇත.
ඒ නිසාවෙන්, "හල්දාර් නාග්" කවියාට මෙවර ඉන්දීය ඉහළම සම්මානය වන "පද්ම ශ්රී" සම්මානය හිමිවී ඇත.
පුදුමය නම්, ඔහු එකී සම්මාන මඬුල්ලට ලිපියක් යවමින් කියා ඇත්තේ..,
"මට දිල්ලියට එන්න මුදල් නෑ.! එනිසා, කරුණාකර සම්මානය තැපෑලෙන් එවන්න."
කියාය.
මනුසත් මෙහෙවරෙහි යෙදෙන මෙවන් විශ්මිත නිර්මාණ කරුවන් දිළින්දන් බවට පත් වෙන්නේ, කවරනම් හේතුවක් නිසාද..?
 
(අනතුරුව ඔහු එම සම්මානය සියතින් ලබා ගෙන තිබිණි.)
 
අමිල ප්‍රබෝධ
 

Back to top
Go to bottom

Popular News