lan englan tam

පුවත්

සරසවියේ 'මොඩ්ල්' පීටර් අයියා  

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

පීටර් අයියා  අවුරුදු 18 කට කලින්

මේ ඉන්නේ පීටර් අයියා .මේ මනුස්සයාගේ රුව ඇඳපු සහ හදපු ශිෂ්‍ය පරම්පරා ගණනාවක් මගේ විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා ගිහින් ඇති.පීටර් අයිය තමයි හිටපු ගොඩක් මොඩෙල්ස් (ආදර්ශ ) අතරින් ශිෂ්‍යයන්ගේ හිත ගත්තේ. ඒ මොකද කියනවනම් එකම ඉරියව්වෙන් තමන්ගේ අපහසුතාවය නොබලා එක දිගට ඉඳීමේ හැකියාව සහ ගොඩක් ශිෂ්‍යයන් සමග හිතවත්කමින් සිටීම.මාත් හාපුරා කියල ඉස්සෙල්ලම ඇඳපු ලිෆෙ පඉන්ටින්ග් (ජීව චිත්‍ර පින්තාරු )එකට මොඩ්ලෙ කලේ පීටර් අයිය.ඒක මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ පන්ති කාමරයක් තුළ මොඩ්ලෙ එකක් එක්ක ගනුදෙනු කළ මුල්ම ලිෆෙ පඉන්ටින්ග් අත්දැකීම. පීටර් අයිය දවසක් මාත් සමඟ කියනවා ඔයාගේ අයියත් මාව ඇඳල තියෙනවා. ඔයත් මාව ඇඳක තියෙනවා.ඔයාගේ මල්ලිත් මාව ඇඳල තියෙනවා කියල. ඒ වගේ පීටර් අයියව ඇඳපු සහ මූර්ති හැටියට හදපු ගොඩක් අයට පීටර් අයියව මතක ඇති. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය ගැන කතා කරද්දි පිටර් අයියා මගහැර යා නොහැක.
ප.ලි.
මේ පින්තාරුව සඳහා කලු සහ සුදු පැහැයන් භාවිත කර නැත.

සටහන සහ චිත්‍රය : චිත්‍ර නිර්මාණ ශිල්පී ප්‍රගීත් රත්නායක

Back to top
Go to bottom

Popular News