lan englan tam

පුවත්

නවය වසරේ සිට නවකතා 06ක් ලියූ වැද්දාගල දිනේත්‍රා

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
මෙය හුදෙක්ම පල කරන්නේ මේ දියනියගේ හැකියාව ප්රශංසාවට ලක් කිරීම වෙනුවෙනි.

 කලවාන ජාතික පාසලේ නවවන ශ්රේණියේ ඉගෙනුම ලබන දිනේත්රා රුවනි විජේසිංහ විසින් ඇයගේ නවතම ළමා නවකතාව වන " දඹරැල්ලේ කෘතීය එළිදැක්වීම කටයුතු කර තිබේ .

වැද්දාගල ප්රදේශයේ පදිංචි ඇය මේ වන විට ළමා නවකතා 06 ක් රචනා කර තිබේ .
ලෝකයම කියවීමෙන් ලිවීමෙන් ඈත්ව යන කලක මෙවන් දරුවන් සිටීම කොතරම් අගයක්ද.
කොතරම් සතුටක්ද.
ඇයට උණුසුම් සුභ පැතුම් පතමු.
තවම දුරකතනයේ අකුරු කෙටීමට පමනක් වෙන් නොවී මෙවන් දෑ ඉදිරිපත් කරන දරුවන් ගැන අහන්න ලැබීමත් සතුටකි.
තම සිතැඟි දෑ මනා කොට ගලපා ලිවීමෙන් සෑම කතෘ වරයකගේම ගමනකම ආරම්භය සිදුවේ.
දුව ඔබට යහපත් අනාගතයක් ම ලැබේවා !!!
 
නිලංක විජේතුංග 'මිලානෝ අපි' ෆේස්බුක් සමූහයේ පළ කළ ඡායාරූපයකි.
Back to top
Go to bottom

Popular News