lan englan tam

පුවත්

වසන්ත විට්ටච්චි සුවපත් කරන්නට රසික සහාය අවැසියි

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ප්‍රවීණ රංගධරයෙකු සහ අංග රචනා ශිල්පියෙකු වන වසන්ත විට්ටච්චි රෝගාතුරව මේ වන විට ඔහු වේරහැර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ප්‍රතිකාර සඳහා දෛනිකව රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය වන වසන්ත විට්ටච්චිගේ රෝගය සුවපත් කිරීම සඳහා ඔහුගේ රසික රසිකාවියන්ට කළ හැකි යම් දෙයක් වේද ඒ වෙනුවෙන් ලබාදෙන සහයෝගය මේ මොහොතේ ඉතා වැදගත් උපකාරයක් වී ඇත.
ඒ අනුව වසන්ත විට්ටච්චිගේ රෝගය ඉක්මණින් සුවපත් කරගැනීම සඳහා උපකාර කළ හැකි අයකු වේ නම් W. C. Wittachchi, Sampath Bank, Kandana Branch 101250037385 ගිණුම් අංකයට මුදල් බැර කළ හැකිය.
වසන්ත විට්ටච්චි යනු ලාංකේය සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය යන කලා ක්ෂේත්‍ර තුනේම යුග ගණනාවක අත්දැකීම් සම්භාරයක් හිමි ප‍්‍රවීණ කලාකරුවෙකු වේ. ඔහු ප‍්‍රවීණ සම්මානලාභී අංග රචනා ශිල්පියෙකු ලෙස මෙන්ම සම්මානලාභී වේදිකා, සිනමා, රූපවාහිනී රංගධරයෙකුද වේ. ඔහු මානව දයාවෙන් හෙබි කලාකරුවෙකු ලෙසද ප‍්‍රකටය.
'මිරර්ආර්ට්ස්' ප‍්‍රවීණ කලාකරු වසන්ත විට්ටච්චි මහතාට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන්නෙමු!

ඔහු ජනප්‍රිය යූටියුබ් සංවාදයක් වන 'මතක පද' හා එක් වී මෑතකදී කළ සාකච්ඡාවද මෙහි පළ කරමු.

 

Back to top
Go to bottom

Popular News