lan englan tam

පුවත්

සුනිල් ශාන්තයන් තැලුණු, දිලුණු, තිහුණු සමය

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සුනිල් සාන්තයන්ගේ සියලු ගීත, ඒවායෙහි ස්වර ප්‍රස්ථාර, ඔහු ගැන පළ වූ සියලු පුවත්පත් ලිපි, ඔහු ගැන බොහෝ විද්වතුන් ලියූ විචාර, සුනිලුන්ගේත්, එකී ඉතිහාස මොහොතට අදාල අනෙකුත් අති දුර්ලභ ඡායාරූපත් අඩංගු වෙළුම් තුනකින් යුතු මේ සුවිශාල ග්‍රන්ථ ත්‍රිත්වය සංස්කරණය කරලා තියෙන්නෙ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක විසින්.

මේ වෙළුම් තුන අළෙවිය සඳහා නොවේ. සුනිල් සාන්ත ගැන හදාරන අයටත්, තෝරාගත් විශේෂ පිරිසකටත්, පුස්තකාල සඳහාත් නොමිලේ බෙදා හරින්න කරපු සීමිත මුද්‍රණයක්.
මට මේ වෙළුම් තුන තිළිණ කළේ සුනිල් සරත් පෙරේරා මහතා.
සුනිල් සරත් පෙරේරා මහතාව බලන්න යන්න සති ගාණක්ම හිත හිතා හිටියත් යන්න බැරි වුණා විවිධ වැඩ නිසා. ඊයේ සවස මහ වැස්සෙ වුණත් ගියා එයාගෙ දුක සැප බලලා, පැයක හමාරක සාහිත්‍ය කලා සංලාපයක යෙදෙන්න.
සාමාන්‍යයෙන් මම මගේ වැඩිහිටි මිත්‍රයන්ව දකින්න කොහොම හරි වෙලාව හදාගෙන ගිහින් ටික වෙලාවක් හෝ කතා බහ කරමින් ඉන්නවා; අතීත මතක සමරනවා; පැරණි ඉතිහාස මතක ඔවුන්ගෙන් අසා දැන ගන්නවා.
ඊයෙ නැවත එද්දි පොත් ගණනාවක්ම සුනිල් සරත් පෙරේරා මහතා මට තිළිණ කළා.
ඒවා අතුරින් මේ වෙළුම් තුනේ වටිනාකම නම් කියා නිම කළ නොහැකියි.
සුනිල් සාන්ත ගැනත්, සිංහල සංගීතය ගැනත් උනන්දුවෙන් අධ්‍යයනය කරන, හදාරන කෙනෙකුට මහාර්ඝ සම්පතක් මේ වෙළුම් තුන.

'විදර්ශන' ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කරනු ලැබ තිබූ සටහනකි.

Back to top
Go to bottom

Popular News