lan englan tam

පුවත්

JDAහි එළි දකින අට දෙනාගේ ඡායාරූප පෙළහර Sequel

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

තාරක බිබුලෙවිතාරණ, අමිල විජේරත්න, නයනාහාරි අබේනායක, ඉනෝකා පල්ලියගුරු, සමින්ද සදුන් ශ්‍රී, සුගන්ධි සමරකෝන්, සුජීව රණතුංග හා බූපති නලින් යන ඡායාරූප ශිල්පීන් අට දෙනකුගේ එකතුවකින් යුතු Sequel Collectivel කණ්ඩායමේ 'Sequel Contemporary Photography Exhibition 2024' ඡායාරූප ප්‍රදර්ශනය එළඹෙන අගෝස්තු 23, 24 හා 25 යන දිනයන්හිදී කොළඹ 07, JDA කලාගාරයේදී පැවැත්වේ.

උදෑසන 09 සිට රාත්‍රී 07 දක්වා ප්‍රදර්ශනය දිනවලදී විවෘතව තිබෙන මේ සඳහා ඇතුළු වීමට නොමිලේ අවස්ථාව ලබා දී ඇත.
ඡායාරූප 250කින් පමණ සමන්විත කලාගාරයේ මහල් තුනක ප්‍රදර්ශනය පවත්වනු ලබන අතර සමකාලීන ඡායාරූපකරණය පිළිබඳ දිනපතා සංවාදාත්මක සාකච්ඡා පැවැත්වේ.
මීට සමාන්තරව ප්‍රදර්ශනයේ ඡායාරූප ඇතුළත් කෘතියක් එළි දැක්වීමද සිදු වේ.

Back to top
Go to bottom

Popular News