lan englan tam

පුවත්

සමන්තාගෙන් ඉක්බිති නාගා චෛතන්‍යා යුග දිවියට

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

සමන්තා රූත් ප්‍රභූ යනු ඉන්දීය සිනමා ප්‍රේක්ෂකයින් අතර වඩාත් ජනප්‍රිය නමක් බව අවිවාදිත කාරණයක් වන අතරම ඇගේ සැමියා මෙන්ම ප්‍රකට තෙලිඟු නළුවකු වන නාගා චෛතන්‍යා සහ ඇගේ විවාහයත් අනතුරුව ඔවුන් දෙදෙනාගේ දික්කසාදයත් නිසාම මොවුන් දෙදෙනා සමාජය තුළ දිනාගත්තේ විශේෂ අවධානයකි.

චෛතන්‍යා මෙන්ම සමන්තාද මේ වන විට වැඩියෙන් අවධානයට ලක් වූ සිදුවීම වන්නේ චෛතන්‍යා යළි විවාහ ගිවිස ගැනීමය.
චෛතන්‍යා සමග විවාහ ගිවිස ගත්තේ ඉන්දීය රූප රාජිනියක් වන සෝභිතා දුලිපාලා සමග වන අතර මේ වන විට දෙදෙනාගේ අලුත් ඇරඹුම සමග සමන්තා ගැනද අවධානයට ලක් වී තිබේ.
හයිද්‍රාබාද්හි චෛතන්‍යාගේ නිවසේ පෞද්ගලික චාරිත්‍රානුකූලව මෙම ගිවිස ගැනීම කරනු ලැබ ඇති අතර චෛතන්‍යාගේ පියා වන තෙලිඟු සිනමාවේ ජනප්‍රියතම සලකුණක් වන අක්කිනේනි නාගාර්ජුන ඒ පිළිබඳව සිය X ගිණුම ඔස්සේ දැනුම් දෙනු ලැබ තිබිණි.
මෙම ගිවිස ගැනීමේ ඡායාරූපවල බෙහෙවින් දකින්නට ලැබෙන කාරණය වන්නේ අලුත් යුවලට සුබ පැතීම මෙන්ම් බොහෝ දෙනා සමන්තාගේ තත්ත්වය විමසීමය.

Back to top
Go to bottom

Popular News