lan englan tam

පුවත්

මහා කලාගාරයක් නමින් පුංචි රංග පීඨයක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

ශ්‍රී ලංකාවේ ප්‍රකට, අසහාය රංගධරයකු වූ ජැක්සන් ඇන්තනී මහතාගේ නමින් කලාගාරයක් ඉදි කිරීමට කටයුතු කළ පිරිසක් ගැනයි මේ සටහන.

ඒ වෙහෙරගල ජාතික පාසලේ බලධාරීන් ඇතුළු එම පාසලේ සිසු පිරිසය.
එම පාසල විසින් ඉදි කරන ලද එළිමහන් රංග පීඨය 'ජැක්සන් ඇන්තනී එළිමහන් රංග පීඨය' යැයි නම් කිරීමට කටයුතු කරමින් මෙම ඓතිහාසික කාර්යය සිදු කරනු ලැබ තිබේ.
ජැක්සන් ඇන්තනි යනු ශ්‍රී ලංකාවේ කලාකරුවෙකු මෙන්ම මහා කලාගාරයක් ලෙස සඳහන් කළ හැකි කලා භූමිකාවකි. ඔහු සිය ජීවිතය තුළ කලාකරුවෙකු ලෙස ගිය දුර, ගමන් කළ රංග වින්‍යාසයේ මායිම් ගැන හැදෑරීමම කලාවට පිවිසෙන බොහෝ දෙනෙකුට වටිනා පාඩමක් වන්නේය. එහෙයින්ම එම නාමය ඇතිව කලාගාරයක් නම් කිරීම කිසිසේත්ම අයුක්තියුත්තක් නොවේ. එකී කලාගාරයක් වූ කලාකරුවා නමින් මෙවන් කුඩා රංග පීඨයක් නම් කිරීමම එම කර්තව්‍යය සිදු කිරීමට අදහස දුන් මිනිසාට පවා කීර්තියක් වනු නිසැකය.

නිරෝෂ් ගුණසේකර

Back to top
Go to bottom

Popular News