lan englan tam

පුවත්

පහෙන් පහට එන අය ගැන සැකයි මට; දීපිකා ගයයි

تقييم المستخدم: 3 / 5

تفعيل النجومتفعيل النجومتفعيل النجومتعطيل النجومتعطيل النجوم
 

දීපිකා ප්‍රියදර්ශනී කියන්නේ ලංකාවේ මිනිස්සු ආදරය කරන ජනප්‍රිය ගායිකාවක්. ඇයගේ අලුත්ම ගීතය මේ වන විට නිකුත් වී තිබෙනවා. එම ගීතය සමාජ දේශපාලන ආර්ථිකමය ස්ථාන වෙනස් අයුරින් ස්පර්ශ කිරීම මෙම ගීතයේ සුවිශේෂීත්වයකි.

"පහෙන් පහට එන අය ගැන සැකයි මට" නමින් මෙම ගීතය නම් කර ඇති අතර ලංකාවේ දේශපාලනය තුළ තීරණාත්මක ජනාධිපතිවරණයක් අත ළඟ තිබෙන අවස්ථාක මජර දේශපාලනයේ ඇතුළාන්තය කලාත්මකව ගීතයකට නිර්මාණය කර තිබෙනවා.

ලංකාවේ අවුරුදු පහෙන් පහට බල පෙරළි සිදු වන අතර ඔවුන් බලය ලබා ගැනීමට පෙර ජනතාව මුලා කර රවටා ඡන්දය ලබා ගැනීමෙන් පසුව ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය කෙතරම් සදාචාර විරෝධීද යන්න රට වැසියන්ගෙන් බොහෝ දෙනෙකුට තේරී අවසන්. ඇත්තටම අවුරුදු පහෙන් පහට එන අය ගැන මිනිස්සුන්ට තියෙන්නේ සැකයක්.

දේශපාලකයා අතින් මිනිස්සුන් නොසෑහෙන්න රැවටෙන බව දීපිකා මෙම ගීතයෙන් අපූරුවට පෙන්වා දෙනවා. මැණික් වගේ දිලිසුනාට ඇත්තටම ඒවා බොරළු. අපි මැණික් කියලා බොරළුවලට අවුරුදු 76ක් රැවටුනා..

දශක තුනකට අධික කාලයක් මෙරට සලිත කළ කුරිරු යුද්ධය නිසා අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය කෙතරම්ද කියා කිව නොහැක. ඒ අහිමි වූ ජීවිතවලට ආගම් ජාති කුලමල නැත. නැති වූයේ මිනිස් ජීවිත ය. මේ සියල්ල සිදු වන්නේ දේශපාලනිකව බව "පහෙන් පහට" ගීතයෙන් කියවෙයි. එපමණක් නොව ඇතැමුන් මෙරට පරිසරයට කළ විනාශයද පාස්කු ඉරිදා සිදු වුණ බෝම්බ ප්‍රහාරය ආදී සියල්ල පිළිබඳවද මෙම ගීතයෙන් කතා කරයි.

"පහෙන් පහට එන අය ගැන සැකයි මට" ගීතය රජිකා අගම්පොඩි විසින් රචනා කරනු ලැබ තිබේ. සංගීතය සහ තනුව නවරත්න ගමගේ විසින් නිර්මාණය කරනු ලැබ ඇති අතර ගායනය විශාරද දීපිකා ප්‍රියදර්ශනී ය.

මෙතෙක් කලක් හැඳිගෑවට ආඬි කැඳ
නුඹත්, මමත් හැම වගකිව යුතු නොවෙද?

 

දිනිත ජයරත්න

Back to top
Go to bottom

Popular News