lan englan tam

පුවත්

කණ්ඩායම් බෙදුනොත් සිනමාව කවදාවත් ගොඩනගන්න බෑ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

කණ්ඩායම් බෙදී එක් එක් පාර්ශ්වයන්ගේ වාසියට කටයුතු කළහොත් කවදාවත් සිනමාව ගොඩනැගීමට නොහැකි බව ජනප්‍රිය නිළියක වන අනූෂා දමයන්ති පවසයි.

"තවම මම විවාහ වෙලා අවුරුදු දෙකක්වත් ගත වුණේ නෑ. ඒ කාලේ ඉඳලම මම වැඩ කළා. ඒ කාලේ තමයි මම සනත් අබේසේකරගේ ‘දළදාගමනය’ චිත්‍රපටයත් ‘මහවිරු පණ්ඩු’ ටෙලි නාට්‍යයත් කළේ. විවාහය කොහෙත්ම මගේ ගමනට බාධාවක් වුණේ නෑ. මම හරි වාසනාවන්තයි. මාව එහෙම සීමා කරන කෙනෙක් නොවෙයි මට ලැබිලා ඉන්නේ. මට කිසිදු වාරණයක් ඔහුගෙන් නෑ. හොඳ හස්බන්ඩ් කෙනෙක් මට ඉන්නවා. එයා එදා ඉඳලම මාව දන්නවා. අනූෂා දමයන්ති කියන්නේ කවුද? කොයි විදියටද ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ, මිනිස්සු සමඟ කොයි විදියටද හැසිරෙන්නේ කියලා ඔහු දන්නවා. ඒකත් එක්ක එයා මට නිදහස දීලා තියෙනවා මට කැමැති දේවල් තෝරා බේරාගෙන කරන්න." යැයි ඇය පවසා තිබුණේ සිළුමිණ - හේමාලි විජේරත්න සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
"ඇත්තටම ඕනෑම ක්ෂේත්‍රයක ඒ අදාළ කණ්ඩායම් එකතු වෙලා තමයි තීරණ සහ තීන්දු ගන්න ඕන. සිනමාවේ සුබ සිද්ධිය උදෙසා සිනමාවේ ඉන්න අයම තමයි තින්දු තීරණ අරගෙන මේ ක්ෂේත්‍රය ඉහළට ගෙනියන්න ඕන. හැබැයි මේ කණ්ඩායම් බෙදිලා එක එක්කෙනාගේ වාසියට පමණක් වුණොත් කවදාවත් අපට සිනමාව ගොඩනඟන්න බෑ. සිනමාව කියන්නේ ටීම් වර්ක් එකක්. මේ ටීම් වර්ක් එක ඇතුළෙ ගියොත් හෙට දවසේ කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවී සිනමා කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් කණ්ඩායමක් හිතුවොත් අපි විතරක් මේකේ රජ වෙනවා කියලා මං හිතන්නේ සිනමාව නැත්තටම නැති වෙලා යයි. නිර්මාණ ශිල්පින් නැතිවෙලා යයි. නිෂ්පාදකවරු නැති වෙලා යයි. සියලු දෙනා එකතු වෙලා හරි ක්‍රමවේදයක් ඇති කරලා, ඒක ආණ්ඩුවට කියලා ජාතික ප්‍රතිපත්තියක් ඇති කරලා, මේ ගමන ගියොත් මං හිතන්නේ හෙට අනාගතේ සිනමාව වෙනුවෙන් එන්න ඉන්න නිර්මාණකරුවන් වෙනුවෙන් හොඳ දෙයක් සිදු වේවි. මම සිනමාවට ආපු කාලේ ඉදනුත් මේ ගැන කතා කරනවා. මම දන්න කාලේ ඉදලම මේ ගැන කතා කරනවා. හැබැයි තාමත් ඊට හරි විසඳුමක් ලැබිලා නෑ. කාටවත් කරන්නත් බැරි වුණා. කිසිම ආණ්ඩුවකින් එහෙම තීන්දු තීරණ හදලා දුන්නෙත් නෑ." යැයි අනූෂා එම සංවාදයේදී පවසා තිබිණි.

Back to top
Go to bottom

Popular News