lan englan tam

පුවත්

'බේබිෆේස්' ආලියා වාර්තා බිඳිනවාමයි!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
ෆිල්ම්ෆෙයා රෙකෝඩ් බිඳීමක් අසබඩ හිඳින බේබිෆේස් ආලියා

ෆිල්ම්ෆෙයා රෙකෝඩ් කැඩිල්ලට කලින් මොකද්ද මේ බේබිෆේස් කතන්දරය ?

මම ආලියාගෙ රඟපෑමක් මුලින්ම දකින්නෙ මීට දශකයකට කලින්, ඉමිතියාස් අලිගෙ Highway චිත්රපටියෙදි.
ආලියාගෙ දෙවැනි රංගනය.ඇයගෙ පළමු චිත්රපටිය වුනු Student of the Year මම අදටත් බලලා නෑ,බලන්න අදහසකුත් නෑ.
හයිවේ චිත්රපටියෙ රඟපෑමෙන් ඇය නිළියක් විදිහට මාව වසඟ කලා.
නමුත් එදා සිට අද වනතුරුත් මට වැඩිපුරම ඇයව පෙනෙන්නෙ සරාගී හෝ සුරූපී කාන්තාවක් විදිහට නෙවෙයි, බේබිෆේස් එකකින් හෙබි දැරියක් විදිහටයි.
ආලියා මුලින්ම ෆිල්ම්ෆෙයා සම්මානයක් දිනන්නෙත් හයිවේ චිත්රපටියටම තමයි.හොඳම නිළියට හිමි සම්මානයෙ නිර්දේශයන් අතර ඇයගෙ නම තිබුනත් Queen චිත්රපටිය ලැබූ අධි ජනප්රියත්වය නිසා සම්මානය දිනන්නෙ කංගනා රනවුත්.
කංගනා අතිදක්ෂ නිළියක් වුනත් මම මේ මොහොත වෙනතුරුත් විශ්වාස කරන්නෙ ඒ සම්මානයෙ නියම හිමිකාරිය ආලියා භට් කියලයි.
ආලියාට හොඳම නිළිය - විචාරක සම්මානයෙන් සෑහීමකට පත්වෙන්න සිදුවෙනවා.
ඉක්බිතිව අද වනතුරුත් ජනප්රියත්වය හෝ දක්ෂතාවය බිඳකින්වත් අඩුවක් නොවුනු,ඇ⁣යගෙ බ්රේක්තෘෘ එක ආරම්භ වෙනවා.
ආලියා මේ වෙනකොට "හොඳම නිළියට හිමි ෆිල්ම්ෆෙයා සම්මාන" පහක් දිනාගෙන බොලිවුඩයේ සුප්රකට Aunt - Niece යුගලය වන නූතන් සහ කාජොල් හා සම තත්ත්වයේ ඉන්නවා.
මේ සම්මාන පහෙන්,Gully Boy චිත්රපටිය වෙනුවෙන් දිනූ සම්මානය හැර අනෙක් හතර වෙනුවෙන් ඇය උපරිමයෙන්ම යෝග්යව හිටියා.
ගලී බෝයි ජයග්රහණයෙදි විතරක් ඇයට වඩා දක්ෂ රංගනයක් නිර්දේශයන් අතර තිබුනා.ඒ
'The Sky Is Pink' චිත්රපටියෙ ප්රියංකා චොප්රාගෙ රඟපෑම.
ඒ දිනුම, හයිවේ චිත්රපටියෙ වීරා ත්රිපාතිගෙ චරිතය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය නොලැබීමත් එක්ක සමතුලිත කළහොත් සම්මාන පහ වෙනුවෙන්ම ආලියාගෙ හිමිකාරීත්වය අවිවාදාත්මකයි.
තව දින දෙකකින් 2024 වසරට අදාළව ඇය රංගනයේ යෙදෙන එකම චිත්රපටිය වන වසන් බා⁣ලාගෙ Jigra තිරගත වෙනවා.
පූර්ව ප්රචාරක පටයන්වල දුටු රඟපෑම අනුව සහ ⁣2024 බොලිවුඩ් කැලැන්ඩර් වර්ෂයේ අනෙකුත් නිළි රංගනයන් වලට අනුව නම් ඇය හය⁣ වැනි ෆිල්ම්ෆෙයා හොඳම නිළිය සම්මානය පේන තෙක් මානයකින් ඉන්න බව හැඟෙනවා.
හය වැනි අවස්ථාව මේක නොවුනාම වුනත් දැනට වයසින් 31 හැවිරිදිව සහ වර්තමාන ටොප් 5 බොලිවුඩ් නිළියන් අතර ස්ථාවරව සිටින ආලියා ට තව එක් සම්මානයකින් මේ රෙකෝඩ් බිඳීම කොහෙත්ම අභියෝගයක් වෙන එකක් නම් නැති බව නොඅනුමානයි.
 
නිරෝෂ් ගුණසේකර
Back to top
Go to bottom

Popular News