ජනප්‍රිය නළුවෙකු සහ සිනමා අධ්‍යක්ෂවරයෙකු වන බුද්ධික ජයරත්න සිය සොහොන ඉදිරියේ හඬා වැළපෙන බවට රාවයක් ඔහුගේ හිත මිතුරන් අතරේ පැතිරී ගියේ පසුගිය දවසකය.
එම සිදුවීම සිනමා සහ ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂවරයෙකු වන සරත් සේනාරත්න විසින් මෙසේ සඳහන් කරනු ලැබ තිබිණි.
"මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා පවා අවසානයේ යන සොහොනකට. මේ බොරැල්ලේ කනත්ත.
මාර වැඩේ. කෙනෙක් හිටියා තමන්ගේ සොහොන ඉස්සරහ තමාම අඬ අඬා (බුද්ධික ජයරත්න). මේක ආරංචි වෙලා සනත් ගුණතිලකත් shooting නැතිව මෙතනට පාත් වුණා AIA එකේ යටියා එක්ක.
ඒ බුද්ධික ජයරත්නගේ "සැප්තැම්බර්" චිත්‍රපටයේ." යැයි සඳහන්ව තිබිණි.
බුද්ධිකගේ අලුත්ම චිත්‍රපටය "සැප්තැම්බර්" චිත්‍රපටයයි. සිනමාපටය මේ දිනවල රූගත කෙරෙමින් තිබෙන අතර ජනප්‍රිය නළු අශාන් ඩයස්ද ඒ සඳහා රංගනයෙන් දායක වෙයි. "සැප්තැම්බර්" නුදුරේම සිනමාශාලා ප්‍රදර්ශනයට එළිදක්වනු ඇත.