මහේෂි මධුසංඛා මේ වන විට සක්රීය දේශපාලනයට අලුත් මුහුණක් වුවද ඇය මේ වන විට බිම් මට්ටමේ දැනුවත් කිරීම කටයුතු කරමින් සිටින්නීය.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට ආ ඇය රටේ සියලු දරුවන්ට සුවපහසුව ජීවත් වීමේ අයිතියක් ඇති බව පවසයි.
මහේෂි රංගනයෙන් මෙන්ම සුරූපීබවෙන්ද අගතැන්පත් නිළියක වන අතර මෑතකදී රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාවක ලෙසද වෘත්තීය කටයුතු සඳහා එක් වූවාය.
පසුගිය කාලයේ හිරු රූපවාහිනී නාලිකාව විසින් කළ වැඩසටහනකට සහභාගි වූ තැනැත්තෙකුට අගතියක් සිදු වූ බවට සඳහන් කළ ඇය දිගින් දිගටම එම නාලිකාවේ බලධාරීන්ට එරෙහිව ප්රකාශ නිකුත් කළ අතර ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවා පැමිණිලි කිරීමට සිදු වන ආකාරයේ තත්ත්වයක් එහිදී උද්ගත විය.
මහේෂිගේ දේශපාලන කටයුතු කුමන බාධක පැවතියත් ඇය සක්රීය සහ සාර්ථක ලෙස එය කරගෙන යනු දක්නට ලැබේ. මෙහි ප්රතිඵලය අපට බලාගත හැක්කේ එළඹෙන 14 වැනිදායින් පසුවය.