lan englan tam

පුවත්

විජිත මල්ලිකා සමුගෙන වසර 32ක්

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 
විජිත මල්ලිකා මියගිහින් අදට වසර තිස් දෙකක්. ඒක දැනගත්තෙ බුකියෙ තිබුන සටහනකින්.

හැටේ දශකයේ වාණිජ සිනමාව බැබලවූ නිළියන් තිදෙනා. ජීවා, සන්ධ්යා සහ විජිතා. මේ තුන්දෙනා ගැන කියද්දි හැම විටම විජිතාගේ නම තුන්වැනියට කියවුනත් මම හිතන්නෙ තුන් දෙනාගෙන් දක්ෂම නිළිය ඇය.

නමුත් ඇයට දක්ෂතා පෙන්නන්න අවස්ථා ලැබුනේ අඩුවෙන්. ඇය අතට ලැබුනු අවස්ථාත් මගහැරුනු නිළියක්.
ධීවරයෝ චිත්රපටයේ ප්රධාන චරිතයට සන්ධ්යාගෙ සහ විජිතාගෙ නම් දෙකම යෝජනා වුනාලු. කෙළවරදි තීරණයක් ගන්න බැරුව දෙන්නාව ගෙන්නලා විජය චිත්රාගාරයෙදි සතයක් උඩ දැම්මලු. සන්ධ්යා දිනුම්. විජිතා අවාසනාවන්තයි.
ටයිටස් තොටවත්ත ඔහුගේ පළවෙනි චිත්රපටයට (චණ්ඩියා) තෝරගත්තෙ විජිතාවලු. නමුත් ඇය කාර්ය්බහුල වීම නිසා ඒ අවස්ථාව අළුත් නිළියකට ගියාලු. ඒ අනුලා කරුණාතිලකට. එතනදිත් විජිතා අවාසනාවන්තයි.
හොඳම අවස්ථාව මේ එකක්වත් නෙවෙයි. ප්රවීණ නාට්යවේදී සුගතපාල ද සිල්වා අධ්යක්ෂණය කල එකම චිත්රපටය. මතක විදිහට නම රන් සමනළයෝ. සිංදු බර ගණනක් තිබුන සංගීතමය චිත්රපටයක්. ප්රධාන චරිත වලට තෝරගෙන තිබුනෙ ටෝනි සහ විජිතා. බාගෙට චිත්රපටය කරද්දි මුදල් ප්රශ්නයක් නිසා ඒක අතහැර දැමුනලු. සුගත් ආයෙ කවදාවත් චිත්රපටයක් කලේ නෑ. එතනදි නම් විජිතා විතරක් නෙවෙයි අපිත් අවාසනාවන්තයි.
විජිතා 1992 නොවැම්බර් වලදි මියගියේ පිළිකාවකින්. ඇය අගය නොකෙරුනු නිළියක්.
 
සුසන්ත ආරියරත්න - සිනමාවේදීන් The Cinema People
Back to top
Go to bottom

Popular News