අරවින්ද් ස්වාමි සහ කාර්ති හොඳ සුසංයෝගයක් මවනවා ප්රධාන චරිත යුගලය විදිහට. කොහොමත් වැඩිපුරම අපිට ඒ දෙන්නවමනෙ දකින්න ලැබෙන්නෙත්. එකෙක් නිවුණ මනුස්සයෙක් වෙනකොට අනිකා සෑහෙන්න මුඛරි අයෙක්. මම පෞද්ගලිකව ආශ්රයට අකමැති මට්ටමේ ගුණාංග සේරම වගේ කාර්ති ගෙ චරිතය ඇතුළෙ තිබුණ. ඕනෑවට වඩා කියවනවනම්, ඕනෑවට වඩා ගරු සරු දෙනවනම්, ඕනෑවට වඩා මිත්රශීලි නම්, ඕනෑවට වඩා වද වෙනවනම්, එහෙම කෙනෙක්ව ඇත්තටම ඇණයක් මට නම්. අරුල් ට ත් දැනුණෙ ඒ විදිහටම තමා. හලල දාන්නම හිතුණ මානසිකත්වය මටත් මගේ පෞද්ගලික අත්දැකීම් අනුව අවබෝධ කරගන්නට පුළුවන්.
පුවත්
96 අධ්‍යක්ෂකගේ අලුත්ම සිනෙ සිහිනය; මොකක්ද මේ Meiyazhagan?
හැමෝම කතාවෙන නිසාම බලන්න තෝරගන්න ෆිල්ම්ස් තමා මේවා. කොහොමත් නොස්ටැල්ජියා කැමැත්තක් විදිහට මම අරවින්ද් ස්වාමි ට හරි ආසයි. එයාට තියෙනව හරිම සංසුන් පෞරුෂයක්. රඟපෑම් මාරම නීට්. බලන් ඉන්න ලස්සනයි. ඒ හින්දම මේ චරිතයට 100% ක්ම ගැලපුනා. හොඳ ෆීල්ගුඩ් මූවි එකක් නිසාත් අපූරු කන්සෙප්ට් එකක් උඩ දුවන නිසාත් බැඳීමක් සහ අතීත මතක එක්ක කෙරෙන ගනුදෙනුවක මිහිර රැඳෙන නිසාත් මේක ගොඩ දෙනෙක්ට දැනෙන්න ඇති.
ඊළඟට අතීත මතක කියන කොටස් හරිම හෘදයාංගම විදිහට කයිවාරුවක ස්වරූපයෙන් ඉදිරිපත් වෙනවා. බයිසිකලයක් මුලින්ම පැදපු හැටි එමම තමා මමත්. එතකොට එහෙම මතක තියෙන අයට මේක දැනේවි. මට මතකයි ධනු ඉනාසිතම්බි කතා කරනවා කොටි කලබල කාලෙදි එයාගෙ තාත්තගෙ අභාවයට පස්සෙ කොළඹ එනකොට යාපනෙදි අතෑරල දාපු කාමර 60 ක් තියෙන ඉනාසිතම්බි පරම්පරාවේ වලව්ව ගැන සිහිපත් කරපු මතක. මේකෙදිත් ඒ විදිහෙම සංවාදයක් තියෙනවා. ඉතින් එහෙම මතක ඇති අයට ඒ වගේ කොටස් කොහොමත් දැනෙනවාමයිනේ.
සේරටමත් වඩා කන්සෙප්ට් එක විදිහට භාවිතා කරල තියෙන දේ තමා මේකෙ ආත්මීය ගුණාංගය වෙන්නේ. මට පාරෙ තොටේදිත් නිතරම සිද්ධ වෙන දෙයක්. ගෙදර ඇවිල්ලත් කල්පනා කරපු වාර අනන්තයි කවුද යකෝ ඒ මාත් එක්ක මඟදි හම්බෙලා කතා කරේ, අත වනන් ගියේ, මාත් ඉතින් දන්නව වගේ කයියට සෙට් වුණේ කියලත්. අන්න ඒකට බද්ධ කරවල තියෙනවා "වරදකාරී හැඟීම" කියන හිතට වද දෙන මානසික පශ්චත්තාපය කියන දේ. නිවිච්ච මනුස්සයෙක් එවන් හැඟීමක හිරකාරයෙක් වෙන්න ගත්තම ඒක සෑහෙන්න බලපාන්න ගන්නවාමයි. ඒ ඇතුළු තවත් බොහෝ දෑ එක්ක වසරේ බලන්න වටින දමිළ චිත්රපටයක් විදිහට නිර්දේශ කරනවා.
ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් - The Cinema People
-
Category
පුවත් -
Hits
9 times