lan englan tam

C Chatඑක

ඔබ දන්නා චූලක්ෂි ගැන ඇය කියූ නොදන්නා කතාව මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘mirror arts’ කථා බහ සමග එක් වූයේ චූලක්ෂි රණතුංගයි.

ඇය ලංකාවේ සිටින දක්ෂ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

ඇය ගැන කෙටි හැදින්වීමක් කරනවා නම් 2014 වර්ෂයේ Miss Sri Lanka කිරුළ දිනා ගන්නා ගන්නට සමත් වූයේ ඇයයි. එමෙන්ම 2014 වර්ෂයේ එංගලන්තයේ පැවති Miss World තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය සහභාගී වූවා.

ඉන් පසු නිරූපණ ක්ෂේත්‍රයට එක් වෙන ඇය පසුව සිනමා ක්ෂේත්‍රයටත් දොරටු විවර කර ගන්නට සමත් වෙනවා.

2017 වර්ෂයේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරපු ‘දේදුනු ආකාසේ’ සිනමා නිර්මාණය ඇය රංගනයෙන් එක්වූ ප්‍රථම සිනමා නිර්මාණයයි.

මේ වන විට ඇය සිනමා නිර්මාණ රැසකට මෙන්ම දැන්වීම්, රූප රචනා රැසකට රංගනයෙන් එක්වී තිබෙනවා.

පසුගිය දිනවල ලංකාවේ තිර ගත වූ ‘house full’ චිත්‍රපටයේ ද ඇය ප්‍රධාන චරිතයකින් රංගනයෙන් එක් වුවා.

 

ඉතින්,  මෙවර mirror arts කතා බහ සමග එක් වූ චූලක්ෂි රණතුංග බොහෝ දේ ගැන කතා බහ කළා. සිය ජීවන ගමන් මගේ අත්දැකීම් මෙන්ම වෘත්තීය ගමන් මගේද අත්දැකීම් බෙදා හදා ගත්තා.

බොහෝ දෙනෙක් කැමති ඇති මාධ්‍ය මගින් නිර්මාණය කර ඇති හෝ ඔබ භාහිරින් දකින චූලක්ෂිට වඩා ඇය සැබවින්ම මොනවගේ කෙනෙක් ද කියලා ඇගේ අදහස් වලින්ම දැන ගන්න.

ඉතින්, මේ කතාබහ වෘත්තීය රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක පිළිබඳව කතාවක් පමණක්ම නොවෙයි. ඊට එහා ගිය චූලක්ෂි රණතුංගගේ අව්‍යාජ ජීවන අත්දැකීම් බෙදා හදා ගත් රසවත් කතා බහක්.

මේ කතා බහේ සම්පූර්ණ වීඩියෝව ඔබට දැන් mirror arts යූ ටියුබ් නාළිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

සාකච්චාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්. 

වීඩියෝව නරඹන්න මෙතනින්>>>

Back to top
Go to bottom