අපරාධමය ඉතිහාසයේ මහත් ආන්දෝලනාත්මක ඛේදවාචකයක් ලෙස සැලකුණ, කොළඹ වේල්ල වීදියේ ජනාකීර්ණ ප්‍රදේශයක අතහැර දමා ගොස් තිබියදී හමුවූ ගමන් බෑගයක සඟවා තිබූ හිසක් නොමැති කාන්තා මළ සිරුර පිළිබඳව ප්‍රවෘත්තියෙන් මුළු රටම කැලඹීමට පත්වූයේ නිමේෂයකිනි. එම සත්‍ය සිදුවීම පාදක කර ගනිමින් චිත්‍රපට අධ්යක්ෂ සුරංග ද අල්විස් විසින් නිර්මාණය කරන ලද ‘Room No 106’ චිත්‍රපටිය ජූනි 26 වන දින සිට තිරගත වේ.
සුනෙත් මාලිංග ලොකුහේවා විසින් තිර පිටපත ලියා ඇති මෙහි, බිමල් ජයකොඩි, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, දමිතා අබේරත්න, ප්‍රියන්ත සිරිකුමාර, නයෝමි තක්ෂිලා, කළණ ගුණසේකර, ගීතිකා රාජපක්ෂ, අමිත්ත වීරසිංහ, ධනූ ඉන්නසිතම්බි, ජීවන් සප්තරංග, ඉසාන් මෙන්ඩිස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වේ.
කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ වර්ණ සංයෝජනයෙන් ප්‍රවීන් ජයරත්න, ශබ්ද සැලසුම්කරණයෙන් ශෂින් ගිම්හාන් පෙරේරා, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ගීත ගායනයෙන් සංඛ දිනෙත්, ගී පද රචනයෙන් ඉසුරු වීරසිංහ මුදලි සමඟින් දුල්හාරි ඉලංගකෝන්, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලක, අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා, සහය අධ්‍යක්ෂණයෙන් නිරුක්ෂාන් ඒකනායක, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අරුණ ශ්‍රි දායකව ඇති ‘කාමර අංක 106’, ප්රබෝදිත් ජයකොඩි, ඉමාෂා සේනාධීර, රාජිකා ජීවන්ති, සංඛ දිනෙත්, ප්‍රවීන් ජයරත්න, මිලාන් සුරේෂ් සහ ඒ. ඒ. පී. පුෂ්පරාණි යන කණ්ඩායම එක්ව නිෂ්පාදනය කර ඇත.
-rasaduna -




