"මං හොයන්නේ ප්‍රේමයක්" කියන්නේ ළඟදීම සිනමාශාලාවලට පැමිණීමට නියමිත නවතම සිනමා නිර්මාණයක්. මෙය අධ්‍යක්ෂණය කරන්නේ පුංචි තිරය හරහා රසික ආදරේ දිනා ගත්තු අධ්යක්ෂවරයෙක් වන තිළිණ බොරලැස්ස ඔහුගේ පළමු සිනමා නිර්මාණය ලෙසයි.
මෙහි තිර රචනාව ලියා ඇත්තේ අනෝමා විජයවර්ධන විසින් වන අතර නිෂ්පාදනය කර ඇත්තේ යූ. එස්. වයි. අජිත් කුමාරයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ධනවත් සෙල්ලක්කාර තරුණයෙකු (මේධාන්) වටා ගෙතුණු ආදර කතාවක් "මං හොයන්නේ ප්‍රේමයක්" සිනමා නිර්මාණය ඔස්සේ තිරයට ගෙන එන අතර මෙහි ප්‍රධාන චරිත මවන්නේ දර්ශන් තවරාජා, අභිලාෂි සන්තුෂ්කි, නිල්මිණි තෙන්නකෝන් සමග අනුරාධ මල්ලවආරච්චි.
"මං හොයන්නේ ප්‍රේමයක්" සිනමා නිර්මාණයට අපේ සිනමාවෙන් සුබ පැතුම්...!




