මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් උනේ තරිඳි ෆොන්සේකා.
ඇයව රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක්, නිරූපණ ශිල්පිනියක් වැනි ක්ෂේත්‍ර ගණනාවකම කටයුතු කර අත්දැකීම් සහිත තැනත්තියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
ඒ වගේම මේ සියලු දේ හරහා මෙන්ම ඇයව හඳුන්වාදිය දිය හැකි තවත් විශේෂ ආකාරයක් තිබෙනවා.
ඒ ෆොන්සේකා පරම්පරාවේ සාමාජිකාවක් ලෙසයි.
හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා වූ කලී ඇගේ පියාගේ සහෝදරියයි.
ඉතින්, මෙවර ‘mirror arts’ කතා බහේ ප්‍රධාන කොටසක් වෙන් වූයේ තරිඳි ෆොන්සේකාට සිය ආදරණීය නැන්දා වූ මාලනී ෆොන්සේකා පිළිබඳව ඇති අත්දැකීම්, මතකයන් දිගහැරුණු හෘදයාංගම කතා බහකටයි.
මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිය පවුල සමග දිවි ගෙවන ඇය දියණියකගේ ආදරණීය මවක ද වනවා. ඇගේ දියණිය මන්මිතා ජිනසේන පසුගිය කාලයේ කරාතේ ක්‍රීඩාවෙන් බොහෝ ජයග්‍රහණයන් ලබාගැනීමට ද සමත් වූ දියණියක්.
ඉතින්, මාලනී ෆොන්සේකාගේ මතකයද සමග තරිදි ෆොන්සේකා සිය දිවිගමනේ සංධිස්ථානයන් ද විස්තර කෙරෙන මෙම ආදරණීය කතාබහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.
සම්පූර්ණ කතාබහ ඇතුළත් වීඩියෝව නරඹන්න පහතින්.
සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරි හේවාවසම් විසින්.


