lan englan tam

C Chatඑක

“චේතියගේ චරිතයට මෙච්චර කාන්තා ආකර්ෂණයක් ලැබෙන හේතුව මටත් හිතා ගන්න බෑ” - අමිල කරුණානායක (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් උනේ අමිල කරුණානායකයි.

මේ දින වල නම් ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන “විසේකාරී” ටෙලි නිර්මාණයේ අමිල විසින් නිරූපණය “චේතිය” ගේ චරිතය නිසා ඔහු  ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රියයි.

පාසල් කාලයේ මලල ක්‍රීඩකයෙක් විදිහට ඉස්සරහට යන්න සිහින දැකපු ඔහු ක්ෂේත්‍රයට එක්වෙන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහටයි. ඒ සමගම තමයි ඔහුට රංගනයට පිවිසෙන්නටත් අවස්ථාව විවර වෙන්නේ.

මේ වෙනකොට ටෙලි නිර්මාණ වලට වගේම සිනමා නිර්මාණ රැසකටත් අමිල රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

ඒ අතර “කබඩ්”, “රූපාන්තරණ”, “පෝරිසාදයා”.. වැනි තවත් සිනමා නිර්මාණ රැසක් දැකගන්න පුළුවන්.

ඒ වගේම දැන් ඔහු වේදිකා නාට්‍ය රංගනයටත් පිවිසිලා තියෙනවා. ඒ බන්දුල විතානගේ නාට්‍ය නිර්මාණයක් වූ “සෙනෙහෙබර ඩොලී” නාට්‍යයේ නව නිෂ්පාදනයක් ලෙස නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන නාට්‍ය නිර්මාණය හරහායි.

 

ඉතින්, මෙවර 'Mirror Arts' කතා බහේදි ඔහු සිය රංගන දිවියේ වගේම සිය ජීවන ගමන බොහෝ අත්දැකීමුත් බෙදා හදා ගත්තා.

මේ සාකච්ඡාව පුරාම ඔහු බොහෝම විශ්වාසයෙන් වගේම අවංකව අදහස් පළ කළ බව දැක ගත හැකි වූ බවත් බවත් කිව යුතුයි.

 

අමිල කරුණානායක සමග ගෙවුණු මේ රසවත් කතාබහ දැන් ඔබට ‘Mirror Arts’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරි හේවාවසම් විසින්.

පහතින් දක්වා තිබෙන්නේ කතාබගේ සම්පූර්ණ වීඩියෝවයි.

 

Back to top
Go to bottom