lan englan tam

C Chatඑක

“මගේ පුද්ගලිකව ගන්න ආතල් එක මට මේ ලෝකෙ සියලු දේටම වඩා ලොකුයි” - රසික ජයකොඩි (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් උනේ රසික ජයකොඩි.

ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් ලෙස වගේම වර්තමානයේ සමාජ මාධ්‍යයේ ජනප්‍රිය චරිතයක් විදිහටත් ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්.

 

474033971 1162177842579848 7058734948300686476 nරසික ජයකොඩි

වර්තමානයේ ඩිජිටල් මාධ්‍ය අවකාශයේ ලේඛකයෙක්, සංවාදකයෙක් වගේම අදහස් පළ කරන්නෙක් විදිහටත් මහජන මතය හැඩගැස්වීම පිළිබඳව ඔහු සිදුකරන බලපෑමත් සුවිශේෂයි.

මෑත කාලයේ  සමාජ මාධ්‍යයේ ඔහු පලකරපු  අදහස් ‘ප්‍රාණ’,‘අකාස සූත්‍රය’ වගේ කෘති හරහා ජනගත කරන්නත් ඔහු කටයුතු කළා.

 

rasika books

 

ඒ වගේම ඔහු විසින් රචිත අලුත්ම කෘතිය“A Gypsy Heart” හරහා අද වෙන කොට ඔහු නවකතා කරුවෙක් විදිහටත් පාඨකයා අතරට එනවා වගේම රසිකයන්ගෙන් මෙම කෘති වලට ලැබෙන ප්‍රතිචාරත් බොහොම ඉහළයි.

 

502622142 10163001809950420 6148435597096465671 n 

ඉතින්, මෙවර ‘mirror arts’ කතා බහේදි ඔහු බොහෝ දේ කතා කළා.

පුවත් පත් මාධ්‍යවේදියෙක් ලෙස සිය වෘතීමය ජීවිතය පටන් ගෙන ඉතා තරුණ වයසේදී එම ක්ෂේත්‍රයේ ඉහළට ගිය ඔහු වර්තමානයේ ඩිජිටල් මාධ්‍ය වෙත ගමන්කිරීම දක්වා ඔහුගේ වෘතීමය ගමන් මඟ පිළිබඳවත් ඔහු කතා කළා.

ඒ වගේම සිය ජීවන දෘෂ්ටිය, දිවි ගමනේ අත්දැකීම් ඔහු අපත් සමග බෙදා ගත්තේ හරිම විවෘතවයි.

මේ සංවාදය මෙතනින් සීමා නොවී සමාජ කාරනා පිළිබඳවත් ඔහුගේ අදහස් එක් කළ මොහොතක් බවට පරිවර්තනය උනා.

වර්තමානයේ ලංකාවේ මධ්‍යම පාන්තික ජීවිතය, පවතින ක්‍රමය හරහා මිනිසුන්ට සමාජ සංස්කෘතික ජීවිතය අහිමි විම නිසා ඇතිවී ඇති අර්බුධය, ලංකාවේ තරුණ පරම්පරාව (Gen Z) වගේ මාතෘකා ගැන ඔහු අදහස් පළ කළා.

ඉතින්, රසික ජයකොඩි සහභාගී වූ මේ උනන්දුව දනවන සුළු රසවත් කතාබහ දැන් ඔබට mirror arts යූ ටියුබ් නාළිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

සංවාදය මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

Back to top
Go to bottom