lan englan tam

C Chatඑක

“මගේ රූපය එන්න එන්නම මාලිනී අක්කගේ රූපයට සමාන වෙනවා” - දමයන්ති ෆොන්සේකා (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර ‘Mirror Arts’  කතා බහ සමග එක් උනේ දමයන්ති ෆොන්සේකායි.

සම්මානනීය රංගන ශිල්පිනියක්, වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියක්, ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවක් වැනි ලෙස කලා ක්ෂේත්‍රයේ අංශ රැසක කටයුතු කරන ඇය අප අතරින් වෙන්වූ  හෙළ සින­මාවේ නිලි රැජින මාලිනී ෆොන්සේකාගේ ආද­ර­ණීය නැගණියක වනවා.

වයස අවු­රදු දහ­යේදී සුමන ආලෝක බණ්ඩා­රගේ “අපි කවුද” වේදිකා නාට්‍යයේ රඟ­පා­මින් ළමා කලා­කා­රි­නි­යක ලෙස රංග කලා ජීවන ගමන ආරම්භ කළ දම­යන්ති ෆොන්සේ­කා මේ වන විට වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

‘උම­යං­ගනා’ චිත්‍ර­ප­ටයේ ඇය රඟපෑ ‘තේජා’ නම් චරි­තය ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර 1993 වසරේ සර­ස­විය සම්මාන උලෙළේදී විශේෂ කුසලතා සම්මානයක් ද එම චරිතය වෙනුවෙන් හිමි උනා.

‘දොළො­ස්මහේ පහන’, ‘අංගු­ලි­මාල’, ‘ශක්තිය ඔබයි අම්මේ’, ‘ප්‍රතිරූ’, ‘මැවිලා පෙනේවි රූපේ’.. වැනි චිත්‍ර­පට රැසක ඇය සහාය චරිත රංගනයෙන් දායක වී තිබෙනවා.

රූප­වා­හිනී ටෙලි නාට්‍ය රැස­කට ද රංග­න­යෙන් දායක වී ඇති ඇය ‘හෝපලු අරණ’ ටෙලි නාට්‍යයේ රංගනයෙන් එක්වූ චරිතය බොහෝ කතා බහට ලක් වූ අතර ඇය හොඳම සහය නිළිය ලෙස සම්මානයට ද පාත්‍ර උනා.

එමෙන්ම ‘දුක්ගන්නා රාල’, ‘අවි’, ‘රාජ­කීය වෙන්දේ­සිය’, ‘නරි බෑනා’, ‘දෙබිඩ්ඩෝ’, ‘වෙස්’... වැනි වශ­යෙන් වේදිකා නාට්‍ය රැසක ඇය රංගනයෙන් එක්වී තිබෙනවා මෙන්ම සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

 

ඉතින්, මෙවර ‘mirror arts’ වැඩසටහන සමග එක්වෙමින් දමයන්ති ෆොන්සේකා සිය කලා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයන් පිළිබඳව බොහෝ දේ කතා බහ කළා.

එකොළොස් දෙනෙකුගෙන් යුත් දැවැන්ත කලා පවුලක බාලම සාමාජිකාව වූ දමයන්ති සිය පවුලේ සමාජිකයන් පිළිබඳව රසවත් තොරතුරු, අත්දැකීම් අපත් සමග බෙදා හදා ගත්තා.

අප අතරින් නික්ම ගිය හෙළ සිනමාවේ නිළි රැජින මාලිනිය ගැනත් ඇය සිය මතකය අවධි කළා.

දමයන්ති විවාහ වී සිටින්නේ දෙස් විදෙස් සම්මනයට පාත්‍ර වූ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ සමගයි.

ඉතින් ප්‍රසන්නගේ නිර්මාණ දිවියට ඇය ශක්තියක් වූ අකාරයත් ඇතැම් නිර්මාණ සදහා නිෂ්පාදනයෙන් දායක වූ අකාරය ගැනත් ඇය කතා කලා.

ඇය සිය පවුල සමග ගෙවෙන ජීවිතය ගැන මෙන්ම ඉදිරි බලපොරොත්තු සිනමා සිහිනය ගැනත් අපට පැවැසුවා.

ඉතින්, දමයන්ති ෆොන්සේකා සහභාගි වූ මෙම සම්පූර්ණ කතා බහ දැන් ඔබට ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

සංවාදය මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහළින්>>

 

Back to top
Go to bottom