“මම හැමවෙලේම කේක් එකක් හදනකොට හිතන්නේ මේක මගේ අම්මාගේ, මගේ අක්කාගේ, මගේ අයියාගේ.., කේක් එකක් කියලා. එහෙම හිතලා තමයි මම වැඩ කරන්නේ”
මේ විදිහට මෙවර “mirror arts” සමග සම්මුඛ වෙමින් සිය අදහස් බෙදා හදා ගත්තේ ලංකාවේ ප්‍රකට කේක් සන්නාමයක් වන “A Taste of Hevan” ආයතනයේ සාඩම්බර හිමිකරු වන විජිත කුමාරයි.

වසර ගණනාවක් ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල කේක් නිර්මාණකරුවෙකු, ව්‍යාපාරිකයෙකු වන ඔහු සිය නිර්මාණශීලීත්වය එක් කරමින් අදට ගැලපෙන ලෙස කේක් නිර්මාණ කලාව නවතම මගකට යොමු කල කෙනෙක්.
ලංකාවේ බොහෝ ජනප්‍රිය චරිත ද ඇතුළුව ලංකාව පුරාම මෙන්ම විදෙස් රටවලද ඔහු වටා ඒකරාශී වී සිටින පාරිභෝගිකයන් පිරිස බොහෝයි.

මෙවර “mirror arts” සමගින් සම්මුඛ වෙමින් විජිත සිය කේක් නිර්මාණ කලාවේ මෙතක් ආ ගමන් මග පිළිබඳව මෙන්ම සිය ජීවන ගමනේ අපූර්ව අත්දැකීමුත් අපත් සමග බෙදා හදා ගත්තා.
උත්සාහවන්තභාවය, තමා කරන කාර්යයට උපරිමයෙන් කැපවීම තුළින් සාර්ථකත්වය කරා ගමන් කළ හැකි බවට ඔහුගේ කතාව හොඳ උදාහරණයක්.
දිගු කලක් තිස්සේ එකම කාර්යයක නිරතවීම තුළින් බිහිවන අපූර්ව නිර්මාණශීලීත්වය පිළිබඳවත් ඔහුගේ කතාව අපූර්ව නිදසුනක්.
ජනප්‍රිය කේක් නිර්මාණකරු, ව්‍යාපාරික විජිත කුමර සහභාගී වූ මේ සම්පූර්ණ කතා බහ දැන් ඔබට 'mirror arts' යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.
කතාබහ මෙහෙයවූයේ මනෝහරී හේවාවසම් විසින්.
වීඩියෝව නරඹන්න පහළින්>>>


