lan englan tam

C Chatඑක

"මම ලංකාවේ සිනමාව ලෝකෙට ගෙනියනවා” - චිත්‍රපට නිෂ්පාදක ශාන්ත ගීතදේව (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමන්ගේ ප්‍රධාන අරමුණ ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යාම බවත්, පිළිගත් සන්නාමයක් යටතේ ඉදිරිපත් වන ගුණාත්මක චිත්‍රපටවලට ඉහළ ඉල්ලුමක් තිබෙන බව චිත්‍රපට නිෂ්පාදක හා ව්‍යාපාරික ශාන්ත ගීතදේව පවසනවා.

ඔහු මේ අදහස් පළ කලේ මෙවර ‘mirror arts’ සතියේ කතා බහ සමග සම්මුඛ වෙමින්.

මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වන “ෆාදර්” චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ ශාන්ත ගීතදේවයි. එමෙන්ම මෙරට ජනප්‍රිය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ආයතනයක් වන ‘British way” ආයතනයේ නිර්මාතෘවරයාත් ඔහුයි.

ඉතින් මෙවර කතා බහ සමග එක්වෙමින් ඔහු  බොහෝ දේ ගැන කතා බහ කළා.

“ෆාදර්” චිත්‍රපටයේ නිෂ්පාදනයට සම්බන්ධ වීමේ පසුබිමත්, ලාංකීය චිත්‍රපට කර්මාන්තය ගැන ඔහුගේ දැක්මත් මෙවර කතා බහේදී සාකච්ඡාවට ලක් උනා.

එමෙන්ම ඉදිරියේදී තිරගත වන්නට නියමිත ඔහු විසින් නිෂ්පාදනය කරන දැවැන්ත සිනමා නිර්මාණයක් වන ‘රාවණ’ චිත්‍රපටය ගැනත් ඔහු තොරතුරු අපත් සමග පැවසුවා.

ශාන්ත ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වන්නට පෙර කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධරයෙකු ලෙස සේවය කර ඇති අයෙක්. ඉතින් ඔහුගේ ජීවන ගමනේ සන්ධිස්ථානයන් ගැනත් කතාකරන්නට ඔහු අමතක කළේ නෑ.

එමෙන්ම ඔහුගේ දේශපාලන හා ජීවන දැක්ම, ඉදිරි බලාපොරොත්තු ගැනත් ඔහු සදහන් කළා.

ශාන්ත ගීතදේව සහභාගී වූ මේ සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නරඹන්නට පුළුවන්.

කතාබහ මෙහෙය වූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින් >>

 

 

Back to top
Go to bottom