lan englan tam

C Chatඑක

"මම කැමතියි මිනිස්සු මම කරන චරිතයට බනිනවානම්" - දසුන් පතිරණ| (video)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර mirror arts කතා බහ සමගින් එක් උනේ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පියෙක් වන දසුන් පතිරණයි.

මේ දිනවල නම් ජාතික රූපවාහිනියේ විකාශය වන ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කරන ‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යය හරහාත් දසුන්ගේ රංගනය දැකගන්න ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ඔහු ලංකාවේ තවත් ප්‍රවීණ ‍රංගන ශිල්පීන් හය දෙනෙකු සමගින් එක්ව රඟපෑ ජාත්‍යන්තර ඇගයුමට ලක්වූ  “මාරියා” චිත්‍රපටයත් පසුගිය දිනවල තිරගත උනා.

 MARIYA Iදසුන් පතිරණ රංගනයෙන් දායක වූ මාරියා චිත්‍රපටයේ රූප රාමුවක්

 දසුන් පතිරණගේ සුවිශේෂත්වයක් තමයි ඔහු සිනමාවේ වගේම පුංචි තිරයේත් අභියෝගාත්මක චරිත තෝරාගැනීමට තියෙන නිර්භය කම.

 Frengipani w(දසුන් පතිරණ රංගනයෙන් දායක වූ සයපෙති කුසුම චිත්‍රපටයේ රූප රාමුවක්)

 විශේෂයෙන්ම සයපෙති කුසුම(Frangipani), මෝටර් බයිසිකල්.. වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනයන් බොහෝ කතාබහට වගේම සම්මානයටත් පාත්‍ර  උනා.

 

motor bycycle fමෝටර් බයිසිකල් චිත්‍රපටයේ රූප රාමුවක්

මෙවර 'mirror arts' කතාබහ සමග එක්වෙමින් දසුන් කිවුවේ ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කල ‘අහසින් වැටුනා’ ටෙලිනාට්‍යය තමන්ගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කියලයි.

ඉතින්, මේ දේවල් ඇතුළු දසුන් පතිරණගේ රංගන ජීවිතයේ තවත් බොහෝ දේ මෙවර කතා බහේදී සාකච්ඡාවට ගැණුනා.

දසුන් පතිරණගේ ජීවිතය, ආදරය, රංගනය ඇතුළු තවත් බොහෝ දේ කතාකළ මෙවර සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

Back to top
Go to bottom