සංගීතය කියන්නේ කෙනෙක්ගේ හිත සුවපත් කරන සුවිශේෂ මාධ්‍යයක්. මීට වසර ගණනාවකට කළින් බේස් ගිටාර් එකක් වාදනය කරමින් ගීත ගයපු සේනක බටගොඩ ගොඩක් අය අතරට ආවේ නැත්තේ ලංකාවේ චැනල් එයාට උඩට එන්න අත නොදුන්න හින්දලු. ඒ වගේම අපි කවුරුත් දන්න “අපි කවුරුද” ගීතය ගැනත් ඔහු මේ සාකච්ජාවෙන් ප්‍රකාශයක් කළා.
සේනක ලියපු ගීත වෙන අය ගායනා කරන්නේ නැද්ද ?
මගේ ගීත මමම ලියා ගන්නවා. මං හිතන්නේ ඒකයි හරි වීදිය. අනුන්ගේ තේ එකට සිනි දාන එක මට කරන්න බෑනේ.
ඒත් ඔබේ සින්දු වෙන අය කියනවනේ. ඒකට හිතේ අමාරුවක් නැද්ද ?
එහෙම වෙන්න පුළුවන්. ඒත් මට වෙලාවකට ඒක සතුටක්.
ඇත්තටම සේනකට චැනල්වලින් කුඩම්මාගේ සැලකිලි ලැබුණේ ඇයි ?
ඒ කතාව හරි. මං සංගීත ක්ෂේත්රයට ඇවිත් අවුරුදු තිහක්. හැම චැනල් එකකින්ම මගේ සින්දු භාර ගත්තේ නැහැ. කවුරුත් මගේ රිද්මය හඳුනාගත්තේ නැහැ.
සේනකගේ රිද්මය හඳුනාගත්තේ සංගීත් ද ?
කවදාහරි ඔය වීදියේ ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙයි කියල ඒ දවස්වලදිම මට හිතුණා. ගිනියම් රැය, යං යං මේ ගීත රිඟින් ටොන්වලට යොදලා මුදල් ගන්න විදියක් ගැන කිව්වේ ශේනුයි, සංගිතුයි.
ඉතින් ඔබ ඒකට කැමති වුණාද ?
ඔව්. කීයක් හරි ලැබෙන නිසා කැමති වුණා. ආපහු දවසක සංගීත්, ෂේන් මාව හම්බෙන්න ඇවිත් ඒ සින්දු කියන්න කැමතියි කිව්වා. මම ඒකට කැමතියි කිව්වා. ඒකයි කතන්දරේ.
ඔබම ඒ ගීත කියද්දී මෙච්චර හිට් නෑ නේද ?
ඒක හරි. සංගිත්ලා ඒවා තැනකට ගෙනාවා. මට තියෙන එකම දුක ඒගොල්ලවත්, මේ සින්දු කියන අනෙක් සංගීත කණ්ඩායම්වත් ඒ ගීතවලදී මගේ නම නොකියන එකටයි.
නදීෂ-